spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඉන්දීය ක්‍රීඩක ඉශන් කිෂන්ගෙන් ද්විත්ව ශතකයක්

බංගලාදේශය සමඟ පැවති තුන්වන එක්දින තරඟයේදී ඉන්දීය ආරම්භක පිතිකරු ඉශන් කිෂන් ද්විත්ව ශතකයක් ලබා ගැනීමට සමත් වුණා.බංගලාදේශ පන්දු යවන්නට අනුකම්පා විරහිත ප්‍රහාරයක් දියත් කල ඔහු පන්දු 131 කදී ලකුණු 210 ක් ලබාගැනීමට සමත් වුණා.

තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම ඔවුන් නියමිත පන්දුවාර 50 තුලදී කඩුලු 08ක් දැවී ලකුණු 409ක් ලබාගැනීමට සමත්විය .එහිදී අනගි ඉනිමක් දියත් කළ ඉෂන් කිශන් ලකුණු 210 ක් හා විරාට් කෝලි ලකුණු 113 ලබාගැනීමට සමත්වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංගලාදේශ කණ්ඩායමට පන්දුවාර 34 කදී සියලු දෙනා දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 182 ක් පමණි.

ඒ අනුව ලකුණු 227 ක දැවැන්ත ජයගන්නට ඉන්දියාව සමත් වුණා.කෙසේ වෙතත් තරඟ තුනකින් සමන්විත එක්දින තරඟාවලිය 2-1 ක් ලෙස ජයගන්නට බංග්ලාදේශය කණ්ඩායම සමත්වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?