ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ වාර්ෂික කොන්ත්‍රාත්තුව ප්‍රසිද්ධියට පත් කෙරේ

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය 2022-2023 කාලය සඳහා වාර්ෂික කොන්ත්‍රාත්තුව ප්‍රදානය කරන ලද ක්‍රීඩකයින්ගේ ලැයිස්තුව මේ වනවිට ප්‍රකාශයට පත් කර තිබෙනවා.

කාණ්ඩ හතරක් යටතේ මෙම ක්‍රීඩකයින් 26 දෙනෙක් මෙලෙස කොන්ත්‍රාත්තුව සඳහා ගිවිසුම් ගතව ඇති බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරන්නේ.

A+ ශ්‍රේණිය, A ශ්‍රේණිය, B ශ්‍රේණිය සහ C ශ්‍රේණිය වශයෙන් එම ක්‍රීඩකයින් කාණ්ඩ කර තිබෙනවා.

එහිදී A+ ශ්‍රේණිය යට‍තේ ක්‍රීඩකයින් සිව්දෙනෙකු ගිවිසුම් ගතව ඇති අතර, ඔවුන්ට වාර්ෂිකව හිමිවන කොන්ත්‍රාත් මුදල ඉන්දීය රුපියල් කෝටි 07ක්.

A ශ්‍රේණිය යට‍තේ ගිවිසුම් ගතව ඇති ක්‍රීඩකයින් පස්දෙනා හට හිමිවන කොන්ත්‍රාත් මුදල ඉන්දීය රුපියල් කෝටි 05ක් බවයි වාර්තා වන්නේ.

B ශ්‍රේණියේ ක්‍රීඩකයෙකුට වාර්ෂිකව ඉන්දීය රුපියල් කෝටි 03ක මුදලක් හිමිවන අතර, C ශ්‍රේණියේ ක්‍රීඩකයෙකුට ඉන්දීය රුපියල් කෝටියක මුදලක් වාර්ෂිකව ලබාදීමටයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය මෙහිදී කටයුතු කර ඇත්තේ.

එලෙස ගිවිසුම් ගතව ඇති ක්‍රීඩකයින් ලැයිස්තුව පහතින්..

A+ ශ්‍රේණිය – රෝහිත් ෂර්මා, විරාත් කෝලි, ජස්ප්‍රිත් බුම්රා, රවීන්ද්‍ර ජඩේජා
A ශ්‍රේණිය – හර්දික් පාණ්ඩ්‍යා, රවිචන්ද්‍රන් අශ්වින්, මොහොමඩ් ෂාමි, රිෂාබ් පාන්ට්, අක්සාර් පටෙල්
B ශ්‍රේණිය – චෙටේෂ්වර් පුජාරා, කේ එල් රාහුල්, ශ්‍රෙයාස් අයියර්, මොහොමඩ් සිරාජ්, සූර්යකුමාර් යාදව්, ශුබ්මන් ගිල්
C ශ්‍රේණිය – උමේෂ් යාදෙව්, ශිකර් ධවාන්, ෂර්දුල් තාකූර්, ඉෂාන් කිෂාන්, දීපක් හූඩා, යුස්වේන්ද්‍ර චාහල්, කුල්දීප් යාදව්, සංජු සැම්සන්, වොෂින්ටන් සුන්දර්, අර්ෂ්දීප් සිං, කේ.එස් භාරත්

2 17


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලැජ්ජා නැද්ද ඔයාලට - කරපු පව් වලට සමාව ඉල්ලන්න
08:02
Video thumbnail
අඩුම ගානේ දැන්වත් පොඩ්ඩක් හැදෙන්න - සජිත් ආණ්ඩුවට සැරටම අමතයි
15:48
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගලවලා, අපි ලැජ්ජා වෙන්න ඕනේ
01:48
Video thumbnail
මරික්කාර් වටගලට රිදෙන්නම දෙයි - නගරාධිපතිනිගේ සාරි පොටේ එල්ලෙන්නේ නැතුව වතුවලට ගිහින් බලන්න
09:32
Video thumbnail
මහින්ද කහඳගම ඩුබායි ගිහින් ජාවාරම්කරුවන් එක්ක දාපු ජෝගිය මෙන්න
00:43
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.10.06
00:00
Video thumbnail
කිසිම ආණ්ඩුවක් මගේ සිවුර ගැලෙව්වේ නෑ, මේ පාර මගේ සිවුර ගැලෙව්වා
02:03
Video thumbnail
මාරවිල ෂෙඩ් එකේ පෝලිම්වල හිටපු මිනිස්සුන්ට අසූචිවලින් ප#රදීලා
02:08
Video thumbnail
තෙල් ගහන්න ආපු වීල් එක ෂෙඩ් එක ඉස්සරහම ගිනිගෙන අළුවෙයි
01:17
Video thumbnail
හැමෝටම ටටා පෙන්නගෙන නාමල් යළි බන්ධනාගාරයට යයි
00:54