spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ වාර්ෂික කොන්ත්‍රාත්තුව ප්‍රසිද්ධියට පත් කෙරේ

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය 2022-2023 කාලය සඳහා වාර්ෂික කොන්ත්‍රාත්තුව ප්‍රදානය කරන ලද ක්‍රීඩකයින්ගේ ලැයිස්තුව මේ වනවිට ප්‍රකාශයට පත් කර තිබෙනවා.

කාණ්ඩ හතරක් යටතේ මෙම ක්‍රීඩකයින් 26 දෙනෙක් මෙලෙස කොන්ත්‍රාත්තුව සඳහා ගිවිසුම් ගතව ඇති බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරන්නේ.

A+ ශ්‍රේණිය, A ශ්‍රේණිය, B ශ්‍රේණිය සහ C ශ්‍රේණිය වශයෙන් එම ක්‍රීඩකයින් කාණ්ඩ කර තිබෙනවා.

එහිදී A+ ශ්‍රේණිය යට‍තේ ක්‍රීඩකයින් සිව්දෙනෙකු ගිවිසුම් ගතව ඇති අතර, ඔවුන්ට වාර්ෂිකව හිමිවන කොන්ත්‍රාත් මුදල ඉන්දීය රුපියල් කෝටි 07ක්.

A ශ්‍රේණිය යට‍තේ ගිවිසුම් ගතව ඇති ක්‍රීඩකයින් පස්දෙනා හට හිමිවන කොන්ත්‍රාත් මුදල ඉන්දීය රුපියල් කෝටි 05ක් බවයි වාර්තා වන්නේ.

B ශ්‍රේණියේ ක්‍රීඩකයෙකුට වාර්ෂිකව ඉන්දීය රුපියල් කෝටි 03ක මුදලක් හිමිවන අතර, C ශ්‍රේණියේ ක්‍රීඩකයෙකුට ඉන්දීය රුපියල් කෝටියක මුදලක් වාර්ෂිකව ලබාදීමටයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය මෙහිදී කටයුතු කර ඇත්තේ.

එලෙස ගිවිසුම් ගතව ඇති ක්‍රීඩකයින් ලැයිස්තුව පහතින්..

A+ ශ්‍රේණිය – රෝහිත් ෂර්මා, විරාත් කෝලි, ජස්ප්‍රිත් බුම්රා, රවීන්ද්‍ර ජඩේජා
A ශ්‍රේණිය – හර්දික් පාණ්ඩ්‍යා, රවිචන්ද්‍රන් අශ්වින්, මොහොමඩ් ෂාමි, රිෂාබ් පාන්ට්, අක්සාර් පටෙල්
B ශ්‍රේණිය – චෙටේෂ්වර් පුජාරා, කේ එල් රාහුල්, ශ්‍රෙයාස් අයියර්, මොහොමඩ් සිරාජ්, සූර්යකුමාර් යාදව්, ශුබ්මන් ගිල්
C ශ්‍රේණිය – උමේෂ් යාදෙව්, ශිකර් ධවාන්, ෂර්දුල් තාකූර්, ඉෂාන් කිෂාන්, දීපක් හූඩා, යුස්වේන්ද්‍ර චාහල්, කුල්දීප් යාදව්, සංජු සැම්සන්, වොෂින්ටන් සුන්දර්, අර්ෂ්දීප් සිං, කේ.එස් භාරත්

2 17
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?