spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට නව පුහුණුකරුවෙක් – ඩ්‍රාවිඩ්ගේ කාලය අවසන්

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට නව ප්‍රධාන පුහුණුකරුවෙකු බඳවා ගැනීමේ දැන්වීමක් ළඟදීම නිකුත් කරන බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේ ෂා තහවුරු කර තිබෙනවා.

ඒ, අනුව ඉන්දීය කණ්ඩායමේ වත්මන් ප්‍රධාන පුහුණුකරු රාහුල් ඩ්‍රාවිඩ්ගේ සේවා කාලය එළඹෙන ජූනි මාසයේ දී අවසන් වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ඩ්‍රාවිඩ් විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය අවසන්වන තෙක් එම ධුරයේ කටයුතු කිරීමට නියමිතයි.

2021 නොවැම්බර් මාසයේ සිට ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ රාහුල් ඩ්‍රාවිඩ්, 2023 එක්දින ලෝක කුසලානය අවසන් වීමෙන් පසු ඔහුගේ කොන්ත්‍රාත්තුව දීර්ඝ කිරීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය කටයුතු කරනු ලැබුවා.

“රාහුල් ඩ්‍රාවිඩ්ගේ ධුර කාලය ජුනි මාසය දක්වා පමණයි. ඔහුට යළි අයදුම් කිරීමට අවශ්‍ය නම් ඔහුට එසේ කිරීමට නිදහස තියනවා.” යනුවෙන් ඉන්දීය ක්‍රිකට් ලේකම් ජේ ෂා මාධ්‍ය වෙත පවසා තිබෙනවා.

මේ අතර ටෙස්ට්ආ, එක්දින සහ විස්සයි විස්ස කෘති තුන සඳහා එක් එක් පුහුණුකරුවන් බඳවා ගැනීමේ හැකියාව ජේ ෂා විසින් බැහැර කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?