ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට නව පුහුණුකරුවෙක් – ඩ්‍රාවිඩ්ගේ කාලය අවසන්

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට නව ප්‍රධාන පුහුණුකරුවෙකු බඳවා ගැනීමේ දැන්වීමක් ළඟදීම නිකුත් කරන බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේ ෂා තහවුරු කර තිබෙනවා.

ඒ, අනුව ඉන්දීය කණ්ඩායමේ වත්මන් ප්‍රධාන පුහුණුකරු රාහුල් ඩ්‍රාවිඩ්ගේ සේවා කාලය එළඹෙන ජූනි මාසයේ දී අවසන් වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ඩ්‍රාවිඩ් විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය අවසන්වන තෙක් එම ධුරයේ කටයුතු කිරීමට නියමිතයි.

2021 නොවැම්බර් මාසයේ සිට ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ රාහුල් ඩ්‍රාවිඩ්, 2023 එක්දින ලෝක කුසලානය අවසන් වීමෙන් පසු ඔහුගේ කොන්ත්‍රාත්තුව දීර්ඝ කිරීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය කටයුතු කරනු ලැබුවා.

“රාහුල් ඩ්‍රාවිඩ්ගේ ධුර කාලය ජුනි මාසය දක්වා පමණයි. ඔහුට යළි අයදුම් කිරීමට අවශ්‍ය නම් ඔහුට එසේ කිරීමට නිදහස තියනවා.” යනුවෙන් ඉන්දීය ක්‍රිකට් ලේකම් ජේ ෂා මාධ්‍ය වෙත පවසා තිබෙනවා.

මේ අතර ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස ආකෘති තුන සඳහා එක් එක් පුහුණුකරුවන් බඳවා ගැනීමේ හැකියාව ජේ ෂා විසින් බැහැර කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14