ඉන්දීය කණ්ඩායම අදත් අතට අත නොදීමේ තීරණයක

පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන අද (15) පැවැත්වෙන තරගයේදීත් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් පාකිස්තාන ක්‍රීඩකයින් සමඟ අතට අත නොදෙන බව ද ඉන්දියන් එක්ස්ප්‍රස් වාර්තාවක දැක්වෙනවා.

පාකිස්තානය සම්බන්ධයෙන් ඉන්දියාවේ ‘අතට අත නොදීමේ ප්‍රතිපත්තියේ’ කිසිදු වෙනසක් අද තරගයේ දීත් සිදුනොවන බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.

ඒ අනුව කාසියේ වාසිය අතරතුර සහ තරගයෙන් පසුව ඉන්දීය නායක සූර්යකුමාර් යාදව් පාකිස්තාන නායක සල්මන් අලි අගා සමඟ අතට අත දෙනු ඇතැයි සිතිය නොහැකි බවත් වාර්තාවේ සඳහන්.

පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු 2025 ආසියානු කුසලානයේ දී ඉන්දියාව පාකිස්තානය සමඟ අතට අත නොදුන් අතර, එතැන් සිට ජාත්‍යන්තර තරඟ අතරතුර ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පාකිස්තානක්‍රීඩක ක්‍රීඩිකාවන් සමඟ අතට අත දීමක් සිදුකර නැහැ.

ක්‍රිකට් ක්‍රීඩාවේ ජීවගුණයට හානියක් එල්ල කරන මෙම සිදුවීම පිළිබඳව පාකිස්තානය සහ ඉන්දියාව අතර අද තරගයට පෙර ඊයේ (14) පැවති මාධ්‍ය හමුවේ දී ඉන්දීය නායක සූර්යකුමාර් යාදව්ගෙන් මාධ්‍යවේදීන් විමසා සිටියා.

එහිදී මාධ්‍යවේදීන් විමසා සිටියේ අද තරගයේ දී අතට අතදීමක් සිදුවේ ද යන්න සම්බන්ධවයි.

එම ප්‍රශ්නයට නිසි පිළිතුරක් ලබාදීම සිදු නොකළ සූර්යකුමාර් යාදව් එහිදී සඳහන් කළේ වැදගත් වන්නේ තරගය බවත්, පළමුව තරගය ක්‍රීඩාකර සිටිය යුතු බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි - අස්සක් මුල්ලක් නෑරම පිරිසිදු කරයි
01:13
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08