ඉන්දීය ආරක්‍ෂක ලේකම් මෙරට ආරක්‍ෂක ප්‍රධානීන් හමුවේ

දිවයිනේ නිල සංචාරයකට සහභාගී ව සිටින ඉන්දීය ආරක්‍ෂක ලේකම් රාජේෂ් කුමාර් සිං ප්‍රමුඛ දූත පිරිස අද (ජුනි 05) දින ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) සහ ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමුවුණා.

ද්විපාර්ශ්වික ආරක්‍ෂක සබඳතා ශක්තිමත් කිරීම සඳහා ඉන්දියානු රජයේ කැපවීම තවදුරටත් තහවුරු කරමින් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා ද මෙම සාකච්ඡාවලට එක් වූ බවයි ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළේ.

දෙරට අතර පවතින දිගුකාලීන ආරක්‍ෂක සහයෝගීතාව ප්‍රවර්ධනය, හමුදා පුහුණු වැඩසටහන් හුවමාරුව සහ ඒකාබද්ධ පුහුණු අවස්ථා වැඩි දියුණු කිරීම, ආරක්‍ෂක ධාරිතාවයන් ඉහළ නැංවීම, හදිසි තත්ත්වයන්හිදී ආපදා කළමනාකරණ සදහා සහාය වීම සහ මානුෂීය ආධාර සැපයීම ඇතුළු අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන ක්ෂේත්‍ර කිහිපයක් කෙරෙහි මෙම සාකච්ඡාවල දී විශේෂ අවධානය යොමු වුණා.

නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයා සමග පැවති හමුව අතරතුර දී අසල්වැසි ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින සමීප මෙන්ම දිගුකාලීන මිත්‍රත්වය සිහිපත් කළ අතර, විශේෂයෙන් අසීරු අවස්ථාවන්හි දී ඉන්දියාව විසින් අප වෙත ලබා දුන් සහයෝගයන් වෙනුවෙන් ඉන්දීය ජනතාවට සහ රජයට සිය කෘතඥතාව පළ කළා.

ඉන්දීය දූත පිරිස ආරක්‍ෂක අමාත්‍යංශ පරිශ්‍රයේදී මෙරට ආරක්‍ෂක ලේකම්වරයා හමු වූ අවස්ථාවේ දී, වර්තමානයේ ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක හැකියාවන් ශක්තිමත් කිරීම සඳහා ලබා දෙන අඛණ්ඩ සහයෝගීතාවය වෙනුවෙන් ඉන්දීය රජය වෙත ස්තුතිය පුද කරන බව ආරක්‍ෂක ලේකම් තුයියකොන්තා (විශ්‍රාමික) ප්‍රකාශ කළා.

ඊට ප්‍රතිචාර වශයෙන් අදහස් දැක්වූ ඉන්දීය නිලධාරීන්, ඉන්දු – ශ්‍රී ලංකා සමීප මෙන්ම මිත්‍රශීලී සම්බන්ධතාවය වෙනුවෙන් තම රට කැප වී ක්‍රියා කරන බව නැවත අවධාරණය කළ අතර කලාපයේ සාමය, ස්ථාවරත්වය සහ සමෘද්ධිය සඳහා දායක වෙමින්, මෙරට ජාතික ආරක්‍ෂාව මෙන්ම ආරක්‍ෂක සහයෝගීතාව තහවුරු කිරීමට ඉන්දියාවේ උපරිම සහයෝගය ලබා දෙන බව ද ප්‍රකාශ කෙරුණා.

දැනට ක්‍රියාත්මක රාජ්‍යතාන්ත්‍රික කටයුතු අඛණ්ඩව ඉදිරියට පවත්වා ගැනීමටත්, විශේෂයෙන් සමුද්‍රීය ආරක්‍ෂාව, ත්‍රස්තවාදයට එරෙහිවීම සහ හමුදාමය ධාරිතා වැඩිදියුණු කිරීම යන ක්ෂේත්‍රවල සහයෝගීතාව ඉහළ නැංවීම වෙනුවෙන් නව ප්‍රවේශයන් හඳුනා ගැනීමට කැපවී ක්‍රියා කරන බවට ද, දෙපාර්ශ්වයම මෙහිදී එකඟ වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර, නාමල්ව නවත්වන්න බෑ
01:08
Video thumbnail
මහින්දට බැහැලා යන්නත් ඉඩ නෑ, විශාල සෙනඟක් වටකරගනී
01:47
Video thumbnail
තරුණයෙක් සුදු ඉරමත අනතුරට ලක් කළ ත්‍රීවිල් එක
00:15
Video thumbnail
ජනපති අනුර පොළොන්නරුවේ රැළියෙන් පිටව ගිය හැටි
01:19
Video thumbnail
මේක එලවන්න ඕනිලු..එලවන්න අනේ පව් - මෛත්‍රිය, අනුකම්පාව නෑ නිසි දඬුවම් දෙනවා
06:24
Video thumbnail
නාමල් නැති රැළියට යෝෂිත ආපු හැටි
00:59
Video thumbnail
මහින්දගේ ඇස් දෙකට පේන්න නාමල්ව ජනාධිපති කරන්න
02:52
Video thumbnail
මීට කලින් ආණ්ඩු කුඩුකාරයෝ බලා ගන්න ආණ්ඩු - ලොකු මිනිහෙක්ගේ ගෙයක් නාය යන තැන්වල හදන්නේ නෑනේ
04:28
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06