spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඉන්දීය ආරක්ෂක ඇමතිගේ ශ්‍රී ලංකා සංචාරය අවසන් මොහොතේ අවලංගු වෙයි

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අවලංගු කර තිබෙනවා.

නොවැළැක්විය හැකි හේතුවක් මත මෙම පියවර ගන්නා බවයි ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කළේ.

හෙට මෙරටට පැමිණීමට නියමිතව සිටි ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා අනිද්දා දක්වා මෙරට රැඳී සිටීමටයි නියමිතව තිබුණේ.

ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරය සිදු වන දින ඉදිරියේදී දැනුම් දෙන බවයි මහ කොමසාරිස් කාර්යාලය කියාසිටියේ.

ද්විපාර්ශ්වික ආරක්ෂක සබඳතා සමාලෝචනය කිරීම සඳහා ඉන්දීය ආරක්ෂක අමාත්‍ය ශ්‍රී රාජ්නාත් සිං ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවයි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය මීට පෙර ප්‍රකාශ කර තිබුණේ.

මෙම සංචාරයේදී ශ්‍රී රාජ්නාත් සිං මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සමඟ සාකච්ඡා පැවැත්වීමට ද සැලසුම් කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?