ඉන්දීය ආරක්ෂක අංශ අරුණාචල් හි යුද අභ්‍යාසයක

ඉන්දු – චීන දේශසීමා සම්බන්ධයෙන් පවතින ආතතිය මධ්‍යයේ ඉන්දීය ආරක්ෂක අංශ  දෙරට අතර සංකල්පීය මායිම් රේඛාවට සමීප නැගෙනහිර අරුණාචල් හි යුද අභ්‍යාස මාලාවක් පවත්වා තිබෙනවා.

එම ප්‍රදේශවල හදිසි බලමුළු ගැන්වීමක් සඳහා සූදානම් වීම මෙහි අරමුණ බවයි පැවසෙන්නේ.

නවතම අභ්‍යාසය “වායු ප්‍රහාර්” ලෙසින් නම්කර තිබූ අතර ඉන්දීය යුද හමුදාව සහ ඉන්දීය ගුවන් හමුදාව ඒ සඳහා සහභාගි වී තිබෙනවා.

එහිදි  විශේෂ අවධානයක් යොමුවී තිබුණේ අවශ්‍ය තත්ත්වයන් යටතේ සුදුසු ගොඩබෑමේ භූමියක ගුවන් මෙහෙයුම් සිදු කිරීම සහ විශේෂ බලකායද  ඇතුළත් “වේගවත් ප්‍රතික්‍රියා බලකායක්” බලමුලු ගැන්වීමයි.

පැය 96ක කාලයක් පැවති මෙම අභ්‍යාසයේදී නිශ්චිත ස්ථානයක කඩිනම් බලමුලු ගැන්වීම, ප්‍රවාහනය සහ හමුදා යෙදවීම සඳහා විවිධ ආයතන අතර සම්බන්ධීකරණය සහ පෙරහුරුව අත්හදා බලා තිබූ බවයි පැවසෙන්නේ.

කෙසේ වෙතත් වසර තුනකට ආසන්න කාලයක්  ඉන්දියාව සහ චීනය අතර පවතින ආතතියේ  කිසිදු ත්‍රිව්‍රවීමක් තවමත් දක්නට ලැබෙන්නේ නැහැ.

නමුත් දෙපාර්ශ්වයම බර අවි ආයුධ සහිතව 50,000කට අධික භට පිරිසක් නැගෙනහිර ලඩාක් හි සංකල්පීය මායිම් රේඛාව සමීපයේ ස්ථානගත කර සිටිනවා.
 
නැගෙනහිර කොටසේ මහජන විමුක්ති හමුදාවේ භට පිරිස්වලට අමතර ඒකාබද්ධ අවි බළකා දෙකක්ද ඇතුළත්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමතිතුමා ගහන බ්‍රෑන්ඩ් එක මොකද්ද..?
05:08
Video thumbnail
අහිමි වූ උසස්වීම් සියල්ල විධිමත් අයුරින් ලබාදෙනවා - පොලිස් ඇමති හෙළිකරයි
03:17
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු ප්‍රථම වතාවට කොටුවෙයි
01:14
Video thumbnail
අර්චුනා වීඩියෝවක් එළියට දාලා ජනාධිපතිව සැරටම අමතයි
08:39
Video thumbnail
ඉන්ධන බලාගාර මාෆියාවේ කොමිස්වලට රජය සූර්ය බලශක්තිය විනාශ කරනවා - සජිත්ගෙන් දැඩි චෝදානාවක්
12:09
Video thumbnail
කුඹුක්කන මිනිස්සුන්ට හිසරදයක් වූ අලි කරදරේ
00:53
Video thumbnail
සටන අවසන් නෑ - අරගලය එහෙමම ඉතුරුයි
06:38
Video thumbnail
අනෝජන්ට සමාව ඉල්ලා රත්නපුර මිනිස්සු පාරට බහී
04:11
Video thumbnail
ජනපති අනුර සහභාගී වන ගම්පහ මහා රැලිය
02:57:05
Video thumbnail
ගහක් අස්සේ ඉඳගෙන දඩස් ගාලා ටෝර්ච් ගැහුවේ - 120න් ආවා කියලා ඔයා මොකෙන්ද මනින්නේ
05:02