spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඉන්දීය ආරක්ෂක අංශ අරුණාචල් හි යුද අභ්‍යාසයක

ඉන්දු – චීන දේශසීමා සම්බන්ධයෙන් පවතින ආතතිය මධ්‍යයේ ඉන්දීය ආරක්ෂක අංශ  දෙරට අතර සංකල්පීය මායිම් රේඛාවට සමීප නැගෙනහිර අරුණාචල් හි යුද අභ්‍යාස මාලාවක් පවත්වා තිබෙනවා.

එම ප්‍රදේශවල හදිසි බලමුළු ගැන්වීමක් සඳහා සූදානම් වීම මෙහි අරමුණ බවයි පැවසෙන්නේ.

නවතම අභ්‍යාසය “වායු ප්‍රහාර්” ලෙසින් නම්කර තිබූ අතර ඉන්දීය යුද හමුදාව සහ ඉන්දීය ගුවන් හමුදාව ඒ සඳහා සහභාගි වී තිබෙනවා.

එහිදි  විශේෂ අවධානයක් යොමුවී තිබුණේ අවශ්‍ය තත්ත්වයන් යටතේ සුදුසු ගොඩබෑමේ භූමියක ගුවන් මෙහෙයුම් සිදු කිරීම සහ විශේෂ බලකායද  ඇතුළත් “වේගවත් ප්‍රතික්‍රියා බලකායක්” බලමුලු ගැන්වීමයි.

පැය 96ක කාලයක් පැවති මෙම අභ්‍යාසයේදී නිශ්චිත ස්ථානයක කඩිනම් බලමුලු ගැන්වීම, ප්‍රවාහනය සහ හමුදා යෙදවීම සඳහා විවිධ ආයතන අතර සම්බන්ධීකරණය සහ පෙරහුරුව අත්හදා බලා තිබූ බවයි පැවසෙන්නේ.

කෙසේ වෙතත් වසර තුනකට ආසන්න කාලයක්  ඉන්දියාව සහ චීනය අතර පවතින ආතතියේ  කිසිදු ත්‍රිව්‍රවීමක් තවමත් දක්නට ලැබෙන්නේ නැහැ.

නමුත් දෙපාර්ශ්වයම බර අවි ආයුධ සහිතව 50,000කට අධික භට පිරිසක් නැගෙනහිර ලඩාක් හි සංකල්පීය මායිම් රේඛාව සමීපයේ ස්ථානගත කර සිටිනවා.
 
නැගෙනහිර කොටසේ මහජන විමුක්ති හමුදාවේ භට පිරිස්වලට අමතර ඒකාබද්ධ අවි බළකා දෙකක්ද ඇතුළත්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?