ඉන්දීය අගමැති මෝදි, අගමැති දිනේෂ්ට සුබපැතුම් එක්කරයි

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව එහි ජනතාවගේ සමෘද්ධිය සහ යහපැවැත්ම සහතික කරමින් ඉක්මන් ආර්ථික ප්‍රකෘතියක් අත්කර ගනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කළා.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන වෙත සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින්.

එම පණිවුඩය පහතින්..

“ශ්‍රී ලංකාවට වැදගත් සන්ධිස්ථානයක දී ඔබ අග්‍රාමාත්‍ය ධුරයට පත් වී ඇත. ඔබගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව එහි ජනතාවගේ සමෘද්ධිය සහ යහපැවැත්ම සහතික කරමින් ඉක්මන් ආර්ථික ප්‍රකෘතියක් අත්කර ගනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි. විශ්වාස මිතුරෙකු සහ සමීප අසල්වැසියෙකු ලෙස, අපගේ ‘අසල්වැසියා පළමුව’ ලෙස ශ්‍රී ලංකාවේ ජනතාවට ඉන්දියාව අඛණ්ඩව සහාය දෙන බව මම ඔබට සහතික වීමට කැමැත්තෙමි.

වසර දහස් ගණනක් පැරණි ශිෂ්ටාචාර සබඳතා මත පදනම්ව අපගේ ආදර්ශමත් ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට සහ පුළුල් කිරීමට ඔබ සමඟ කටයුතු කිරීමට මම බලාපොරොත්තු වෙමි.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි පුද්ගලයෙක් එළොව යයි
01:45
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි
00:22
Video thumbnail
අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:20
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි - මෙහෙයුමේ දර්ශන මෙන්න
00:26
Video thumbnail
වත්මන් රජයේ පුනර්ජනනීය බලශක්ති විනාශ කිරීමේ ප්‍රතිපත්තිය සජිත් IMF නියෝජිතයන්ට පෙන්වා දෙයි
04:59
Video thumbnail
සංතෝෂමට වැඩිය ආත්ම තෘප්තියක් ලබා ගන්න පුළුවන් කරපු සේවයෙන් - පැයගාන වැඩ කරලා ගියට වැඩක් නෑ
05:32
Video thumbnail
අපරාධ කරපු නිලධාරින් පොලිසියේ තියා ගන්නේ නෑ..තනතුර අදාළ නෑ - පොලිස්පති සැරවෙයි
05:51
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28