spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඉන්දීය අගමැති මෝදිගේ දෙවන ධුර කාලයේ අවසන් අයවැය අද පාර්ලිමේන්තුවට

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ දෙවන ධුර කාලය තුළ අවසන් අයවැය අද (01) දිනයේ එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

2024 ලෝක් සභා මැතිවරණයට පෙර මධ්‍යම මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් විසින් 2024-25 මූල්‍ය වර්ෂය සඳහා මෙය අතුරු අයවැයක් ලෙස ඉදිරිපත් කරන බවයි වාර්තා වුණේ.

කෙසේ වෙතත් 2024-25 මූල්‍ය වර්ෂය සඳහා වන විස්තීරණ අයවැය ඉදිරිපත් කරනු ලබන්නේ මහ මැතිවරණයෙන් පසු නව රජය පිහිටුවීමෙන් අනතුරුවයි.

මෙම අතුරු අයවැය මගින් රජයට සිය මූල්‍ය වගකීම් කළමනාකරණය කර ගැනීමට උපකාර වන බැවින් නව රජයක් පිහිටුවීම දක්වා වියදම් සහ ආදායම් එහි දක්වා තිබෙනවා.

මේ අතර අයවැය ඉදිරිපත් කිරීමට පෙර මුදල් අමාත්‍යවරිය අද (01) උදෑසන මුදල් අමාත්‍යාංශයට පැමිණි බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණා.

ගෝලීය අර්බුදය නොතකා 2023 වසරේ ලෝකයේ ප්‍රධාන ආර්ථිකයන් අතර වේගයෙන්ම වර්ධනය වූ ආර්ථිකයට හිමිකම්කීමට ඉන්දියාව සමත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?