ඉන්දියා – ශ්‍රී ලංකා මගී යාත්‍රා සේවය ඇරඹෙයි – ඉන්දියාවට යන්න රුපියල් 15000ක්?

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මගී යාත්‍රා සේවය අගෝස්තු 16 වැනිදා සිට යළිත් ක්‍රියාත්මක කෙරුණා.

වාර්තා වන පරිදි; එම මගී යාත්‍රා සේවයේ ප්‍රවේශ පත්‍ර අද (19) රාත්‍රියේ සිට වෙන් කිරීමට නියමිත බව එම යාත්‍රා සේවයේ මෙහෙයුම්කරු වන IndSri Ferry Service පුද්ගලික සමාගම පවසන්නේ.

නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම පවසන්නේ මෙම මගී යාත්‍රා සේවය සඳහා ප්‍රවේශපත්‍ර වෙන්කිරීම ඔන්ලයින් මාර්ගයෙන් සිදු කළ හැකි බවයි.

ඒ අනුව http://sailindsri.com/ වෙත පිවිස මගීන්ට මගී යාත්‍රා සේවයෙන් ප්‍රවේශ පත්‍ර වෙන්කරවා ගත හැකි බව ද ඔවුන් නිවේදනය කරනවා.

ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ සහ තමිල්නාඩුවේ නාගපට්නම් අතර මෙම මගී යාත්‍රා සේවය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

තමිල්නාඩුවේ නාගපට්ටිනම් සිට යාපනය අසල කන්කසන්තුරේ වරායට සම්බන්ධ කරන සෘජු මගී යාත්‍රා සේවයේ මුහුදු තත්ත්වයට අනුව ආසන්න වශයෙන් පැය තුනහමාරකින් කිලෝමීටර 111ක (නාවික සැතපුම් 60) ක දුරක් ආවරණය කෙරෙනවා.

මැයි මාසයේදී, නාගපට්නම් සිට කන්කසන්තුරේ දක්වා එක් පැත්තක ගමණක් සඳහා ප්‍රවේශපත්‍ර ගාස්තුව USD 50 සහ බදු අයත්(ආසන්න වශයෙන් රුපියල් 15,000 ක්) වන බවයි තොරතුරු වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03