ඉන්දියාව සිය පළමු ඩෙංගු එන්නත භාවිතයට අනුමැතිය දෙයි

ඉන්දියාව විසින් ජපානයේ ටකේඩා සමාගම මගින් නිෂ්පාදිත කරන ලද ඩෙංගු එන්නත එරට මධ්‍යම ඖෂධ ප්‍රමිති පාලන සංවිධානය විසින් අනුමත කර තිබෙනවා .

‘QDENGA’ නැමැති මෙම එන්නත ඒ අනුව ඉන්දියාව තුළ භාවිත කිරීම සඳහා අවස්ථාව හිමිවන බවයි එරට මාධ්‍ය තොරතුරු වාර්තා කරන්නේ.

ඒ, අනුව මෙම එන්නත ඉන්දියාව තුළ අනුමත කළ පළමු ඩෙංගු එන්නත බවට පත් වනවා.

නාගරීකරණය, දේශගුණික විපර්යාස, වෙනස්වන මදුරු වාසස්ථාන සහ ජනගහන වර්ධනය හේතුවෙන් පසුගිය දශක දෙක තුළ ඉන්දියාව ඩෙංගු රෝගීන් තියුනු ලෙස වැඩි වෙමින් පවතිනවා.

ලොව ඉහළම ඩෙංගු අවදානමක් ඇති රටක් ලෙස ඉන්දියාව පැවතීම හේතුවෙන් මෙම එන්නත ඩෙංගු වැළඳීම පාලනය කිරීමට මහඟු පිටුවහලක් වනු ඇති බවයි විශේෂඥන්ගේ මතය වී ඇත්තේ.

මෙම එන්නත වයස අවුරුදු 04 සිට 60 දක්වා පුද්ගලයින් සඳහා අනුමත කර ඇති අතර, මීට පෙර ඩෙංගු වැළඳී තිබීම හෝ නොතිබුණ ද මෙය ලබාගත හැකියි.

එමෙන්ම මෙම එන්නත සඳහා පූර්ව එන්නත් පරීක්ෂාවක් අවශ්‍ය නොවන අතර, මිලිලීටර් 0.5ක එන්නත් මාත්‍රා 02ක් ලෙස මාස තුනක කාලයක් තුළ ලබාදීම සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted