ඉන්දියාව සහ පාකිස්ථානය අතර අද තරගයට ඉතිහාසගතවන ආරක්ෂාවක්

අද පැවැත්වෙන ලෝක කුසලානයේ ඉන්දියාව සහ පාකිස්ථානය අතර විස්සයි විස්ස තරග සඳහා බුද්ධි නිලධාරීන් ද ඇතුළුව ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 5,000ක් පමණ යොදවා ඇති බව අනාවරණය වුණා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අද (15) පෙරවරුවේ කැඳවා තිබූ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක දී බස්නාහිර පළාත භාර, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මේ බව සඳහන් කළා.

මෙරට තුළ පැවති ක්‍රිකට් තරග අතරින් වැඩිම නිලධාරීන් පිරිසක් ආරක්ෂාව සඳහා යෙදවා ඇති තරගය අද පැවැත්වෙන ඉන්දියාව සහ පාකිස්ථානය අතර තරගය බවයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙහිදී පැවසුවේ.

ඊට අමතරව මෙම තරගයේ ආරක්ෂාව සඳහා ත්‍රිවිධ හමුදාවේ සහාය ද ලබාගෙන ඇති බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කළේ.

මේ අතර අද (15) රාත්‍රියේ පැවැත්වෙන තරගය නැරඹීම සඳහා නිසි අවසරපතක් නොහැකි කිසිදු ක්‍රීඩාලෝලියෙකු පැමිණීමෙන් වළකින ලෙස ඔහු ක්‍රීඩාලෝලීන්ගෙන් ඉල්ලා සිටිනවා.

මෙම තරගයට අදාළ සියලු ප්‍රවේශපත් විකිණී අවසන් බව සඳහන් කරන ඔහු, බොහෝ දෙනෙක් අද දිනයේත් ප්‍රවේශපත් ලබාගැනීමට සඳහා ක්‍රීඩාංගණය වෙත පැමිණෙන බවයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ.

ඒ හේතුවෙන් පොලීසිය ඉල්ලා සිටින්නේ නිසි අවසරපතන් නැතිව ක්‍රීඩාංගණය වෙත පැමිණ අපහසුතාවට පත් නොවන ලෙසයි ප්‍රේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටින්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48