ඉන්දියාව සමඟ ඇති වූ ගැටුම්වලින් පසු දේශසීමාවේ තත්ත්වය සාමාන්‍යයෙන් ස්ථාවර බව චීනය කියයි

දෙපාර්ශ්වයේ භට පිරිස් ඉන්දු – චීන දේශ සීමාවේදී ගැටුම් ඇති කර ගැනීමෙන් පසු මේ වන විට දේශසීමාවේ තත්ත්වය සාමාන්‍යයෙන් ස්ථාවර බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක වැන්ග් වෙන්බින් පැවසූ බව රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා.

ඉන්දීය හමුදාව විසින් පසුගියදා ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ මහජන විමුක්ති හමුදා භටයින් ඉන්දු-චීන දේශ සීමාවේ ටවාන්ග් කොටසේ සැබෑ පාලන රේඛාව ආශ්‍රිත ප්‍රදේශය හා සම්බන්ධ වූ අතර එය ඉන්දියානු හමුදා විසින් ස්ථිරව පාලනය කළ  බවයි.

මෙම ගැටුමෙන් දෙපාර්ශවයේම කිහිප දෙනෙකුට සුළු තුවාල සිදුව තිබුණා.

ඉන්දීය පාර්ලිමේන්තුව වන ලෝක් සභාවේදී අදහස් දක්වමින් එරට ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං කියා සිටියේ දෙසැම්බර් 9 වනදා අරුණාචල් ප්‍රදේශ්හි ටවාන්ග් කොටසේ  පැවති ගැටුමේදී චීන හමුදා රටේ භූමිය ආක්‍රමණය කිරීම නැවතූ ක්‍රියාවලියේ දී කිසිදු ඉන්දීය භටයෙකු මිය ගොස් හෝ බරපතල තුවාල ලබා හෝ නොමැති බවයි.

මෙම ගැටුමේදී දෙපාර්ශවයේම සොල්දාදුවන් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බවත් ඉන්දීය  කිසිදු සොල්දාදුවෙකු මිය ගොස් හෝ බරපතල තුවාල  ලබා හෝ නොමැති බවත් සිං ප්‍රකාශ කළා.

ඔහු වැඩිදුරටත් පැවසුවේ ඉන්දීය හමුදා ප්‍රධානීන්ගේ කාලෝචිත මැදිහත්වීම හේතුවෙන් චීන සොල්දාදුවන් ඔවුන්ගේම ස්ථානවලට පසු බැස ඇති බවයි.

“මෙම කාරණය රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් චීනයට  ඉදිරිපත් කර තිබෙනවා.අපගේ හමුදා අපගේ දේශසීමා ආරක්ෂා කිරීමට කැපවී සිටින බවත් එයට අභියෝග කිරීමට ගන්නා ඕනෑම උත්සාහයක් ව්‍යර්ථ කිරීමට සූදානම් බවත් මට සභාවට සහතික වීමට අවශ්‍යයි,” රාජ්නාත් සිං ඉන්දීය පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විලංගු දාලා නාමල්ව නවත්වන්න බෑ - නාමල් ශක්තිමත් තරුණයෙක්
03:36
Video thumbnail
බද්දේගම රත්කළ වෙ#ල්ල ගැන ඇමති නලින්ද හෙළිකල දේ - පාතාල කල්ලි කල්ලි අතර වෙන ගැටුම් ඔය
02:28
Video thumbnail
රංග දිසානායකට විරුද්ධව අල්ලස් කොමිසමටම පැමිණිල්ලක්
05:04
Video thumbnail
පුතා හිරේ ඉන්නකොටත් අම්මට රට පනින්න වෙලා තියෙන්නේ - කට්ටියට වේගෙන් හිරේ යන්න වෙනවා
04:34
Video thumbnail
නාමල්ට එක නීතියක්, කුමාර ජයකොඩිට තව නීතියක්
03:00
Video thumbnail
මත්පෙති ජාවාරමට එරෙහිව ගමක් පාරට බහී
01:56
Video thumbnail
01 වෙනිදා සිට දඩ මුදල් පොලිසියට ඇවිත් ගෙවන්න පුළුවන් - නිවාඩු දින ප්‍රශ්නයක් නෑ - ඕනෑම වෙලාවක එන්න
04:01
Video thumbnail
අධිකරණයට බාධාවෙන ලෙස විපක්ෂය දැවැන්ත මඩ ප්‍රහාරයක් එල්ල කළා - විපක්ෂයට වැලේ වැල් නැතිවුණා
04:09
Video thumbnail
දවස් 3ක් තිස්සේ තෙල් නෑ - අනුරාධපුර මිනිස්සු අමාරුවේ වැටෙයි
01:13
Video thumbnail
බදුල්ල කතරගම දේවාලයේ අලි කුලප්පුවක්
01:27