ඉන්දියාව සමග සබඳතා තර කර ගන්නා කැන්ගරුවෝ

ඉන්දියාව සමඟ ඔස්ට්‍රෙලියාවේ සබඳතාව අන් කවරදාටත් වඩා ශක්තිමත් වී ඇති අතර එය තවදුරටත් ඉහළ නැංවීමට කැපවෙන බව ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් පවසනවා.

රට තුළ රැකියා උත්පාදනය කිරීම සඳහා රට ඉන්දියාව සමඟ ආර්ථික සබඳතා ඉහළ නංවන අතර වෙළඳාම සහ ආයෝජන අවස්ථා උපරිම කිරීම සඳහා නව මාර්ග සිතියමක් දියත් කර ඇතැයි X හි සටහනක් තබමින්, ඇල්බනීස් පැවසුවා.

එහි දැක්වුණේ දේශීය රැකියා උත්පාදනය කිරීම සඳහා කැන්බරා නවදිල්ලිය සමඟ ආර්ථික සබඳතා ඉහළ නංවන බවයි.

ඒ සඳහා නව මාර්ග සිතියමක් දියත් කළ බවත් ඉදිරි වෙළඳ සහ ආයෝජන අවස්ථාවලින් උපරිම ප්‍රයෝජන ගැනීම එහි අරමුණ බවත් අග්‍රාමාත්‍ය ඇල්බනීස් පැවසුවා.

මෙම මාර්ග සිතියම නම් කර ඇත්තේ “වර්ධනයේ සුපිරි මාර්ග” ලෙසයි.

පිරිසිදු බලශක්තිය, අධ්‍යාපනය සහ කුසලතා, කෘෂි ව්‍යාපාර සහ සංචාරක ව්‍යාපාරය වර්ධනයේ ප්‍රධාන අංශ හතර ලෙස හඳුනා ගෙන තිබෙනවා.

මෙම අංශ තෝරාගෙන ඇත්තේ ඔවුන්ගේ ආර්ථික වර්ධනයට සහ ඔස්ට්‍රෙලියානු ව්‍යාපාර සඳහා නව අවස්ථා නිර්මාණය කිරීමට ඇති හැකියාව සඳහා යි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.23
00:00
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසල වෙච්ච දේ - "බය වෙන්න එපා සර් තව පොඩි දවසයි"
01:45
Video thumbnail
එකම බස් එකේ අධිකරණයට ආ චාමර සහ නාමල් - නාමල් 06 වනදා දක්වා රිමාන්ඩ්
00:43
Video thumbnail
NBRO එකෙන් ජනතාවට විශේෂ ප්‍රකාශයක් - ඉදිරියේදී නායයෑම් සක්‍රීය වෙන්න පුළුවන්
04:35
Video thumbnail
හෙක්ටර් - නලින්ද පාර්ලිමේන්තුවේ ගැටෙයි - ආමාත්‍යවරු දෙපළම පාර්ලිමේන්තුවේ නෑ..මගේ අයිතිය නැතිව යනවා
06:32
Video thumbnail
කාවන්තිස්සගේ මරණය සොයන්න තේරීම් කාරක සභාවක් ඉල්ලන යෝජනාව කථානායකට ලබාදෙයි
01:12
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ අද උදෑසන තත්ත්වය
01:02
Video thumbnail
ගතවූ පැය 24රේ වැඩිම වර්ෂාපතනය කොළඹින් - පහළ ප්‍රදේශවල සිටින ජනතාව සැලකිළිමත්ව සිටින්න -
04:23
Video thumbnail
රාජාංගන ජලාශයේ සහ අංගමුව ජලාශයේ වාන් දොට්ටු විවෘත කර ඇති අයුරු
00:42
Video thumbnail
අද දිනයේත් බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට
03:12