ඉන්දියාව වේගයෙන්ම වර්ධනය වන ප්‍රධාන ආර්ථිකය ලෙස පවතිනු ඇතැයි, ලෝක බැංකුව අපේක්ෂා කෙරේ

ලෝක බැංකුවේ නවතම දකුණු ආසියානු සංවර්ධන යාවත්කාලීනයට අනුව, ශක්තිමත් පරිභෝජනය, වැඩිදියුණු කළ ගොවිපල නිෂ්පාදනය සහ ග්‍රාමීය වැටුප් ඉහළ යාම හේතුවෙන් ඉන්දියාව ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන ප්‍රධාන ආර්ථිකය ලෙස පවතිනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

මෙම වසරේ දකුණු ආසියාවේ වර්ධනය සියයට 6.6 ක ශක්තිමත් මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව වාර්තාවේ සඳහන්.

නමුත් 2026 දී එය සියයට 5.8 දක්වා මන්දගාමී වීමක් පිළිබඳව අනතුරු අඟවයි.

“දකුණු ආසියාවට දැවැන්ත ආර්ථික විභවයක් ඇති අතර එය තවමත් ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන කලාපයයි. නමුත් රටවල් වර්ධනයට ඇති අවදානම් කල්තියා විසඳා ගත යුතුය,” දකුණු ආසියාවේ ලෝක බැංකු උප සභාපති ජොහැන්නස් සූට් පැවසුවා.

AI හි ප්‍රතිලාභ උපරිම කිරීමෙන් සහ වෙළඳ බාධක අඩු කිරීමෙන් රජයන්ට ඵලදායිතාව ශක්තිමත් කර රැකියා නිර්මාණය කළ හැකි බව ඔහු තවදුරටත් පැවසුවා.

දකුණු ආසියානු රටවල් ජාත්‍යන්තර වෙළඳාම සහ මූල්‍ය සඳහා අවම වශයෙන් විවෘතව පවතින බව වාර්තාවෙන් සොයාගෙන ඇති.

අතරමැදි භාණ්ඩ සඳහා වන තීරුබදු අනෙකුත් සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන්හි තීරුබදු මෙන් දෙගුණයකටත් වඩා වැඩි බැවින්, නිදහස් වෙළඳ ගිවිසුම් හරහා ප්‍රවේශමෙන් තීරුබදු අඩු කිරීම් පුද්ගලික ආයෝජන සහ රැකියා නිර්මාණය දිරිමත් කළ හැකි බව ලෝක බැංකුව යෝජනා කරනවා.

AI විසින් ගෙන එන ලද වේගවත් පරිවර්තනය සඳහා සූදානම් වන ලෙස ද වාර්තාව රටවල්වලින් ඉල්ලා සිටිනවා.

ලෝක බැංකුවට අනුව, ඉහළ අපනයන තීරුබදු හේතුවෙන් 2026/27 මූල්‍ය වර්ෂය සඳහා තරමක් අඩු පුරෝකථනයක් තිබියදීත්, ඉන්දියාවේ ආර්ථික දැක්ම ශක්තිමත්ව පවතිනවා.

අනෙකුත් දකුණු ආසියානු රටවල් මිශ්‍ර ප්‍රවණතා පෙන්නුම් කරනවා.

බංග්ලාදේශය වේගවත් වීමට නියමිතයි, ශ්‍රී ලංකාව අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා වේගයෙන් යථා තත්ත්වයට පත්වෙමින් පවතින අතර, නේපාලය සහ මාලදිවයින දේශපාලන හා බාහිර සාධකවලින් පීඩනයට මුහුණදෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33