ඉන්දියාව බංග්ලාදේශයෙන් ජුට් ආනයනය සීමා කරයි

බංග්ලාදේශයෙන් ජුට් සහ එහි නිෂ්පාදන කිහිපයක් ආනයනය කිරීම සඳහා ඉන්දියාව සීමා පනවා තිබෙනවා.

බංග්ලාදේශයෙන් එවැනි භාණ්ඩ ආනයනය කිරීමට ඉන්දියාව-බංග්ලාදේශ දේශසීමාවේ කිසිදු ස්ථානයකින් අවසර නොලැබෙන අතර මුම්බායි වරාය හරහා පමණක් ආනයන කළ හැකි බව විදේශ වෙළඳ අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලය උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කළා.

කෙසේ වෙතත් මෙම සීමාවන් ඉන්දියාව හරහා නේපාලය සහ භූතානයට සිදු කරන අපනයන සඳහා අදාළ වන්නේ නැහැ.

නමුත්, එවැනි බංග්ලාදේශ භාණ්ඩ නේපාලයෙන් හෝ භූතානයෙන් ඉන්දියාවට නැවත අපනයනය කිරීමට ද අවසර හිමි වන්නේ නැහැ.

බංග්ලාදේශයේ අන්තර්කාලීන ප්‍රධාන උපදේශක මුහම්මද් යූනුස් විසින් චීනයේ සංචාරය අතරතුර ඉන්දියාවේ ඊසානදිග කලාපය පිළිබඳව කරන ලද මතභේදාත්මක ප්‍රකාශවලින් සති කිහිපයකට පසු, මැයි 17 වන දින ඉන්දියාව එහි ඊසානදිග ගොඩබිම් වරායන් වන ඇසෑම්, මේඝාලය, ත්‍රිපුර, මිසෝරාම් සහ බටහිර බෙංගාලයේ ෆුල්බාරි සහ චන්ග්‍රබන්දා හරහා බංග්ලාදේශ නිමි ඇඳුම් සහ අනෙකුත් නිෂ්පාදන ආනයනය කිරීම සඳහා සීමාවන් පනවා තිබුණා.

චීනයේ කළ කතාවක දී, බංග්ලාදේශයේ ප්‍රධාන උපදේශක යූනුස් ඉන්දියාවේ ඊසානදිග රාජ්‍යයන් “සාගරයට ප්‍රවේශයක් නොමැති ගොඩබිම් සහිත කලාපයක්” ලෙස විස්තර කර තිබුණා.

මෙම ප්‍රකාශය රාජ්‍ය තාන්ත්‍රික ඝර්ෂණයක් ඇති කර ඇති අතර, එය කලාපයේ සම්බන්ධතාව අඩපණ කිරීමක් ලෙස ඉන්දීය නිලධාරීන් සලකනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් - ගතවූ කාලයේ මිලිමීටර 200ක වර්ෂාපතනයක්
09:06
Video thumbnail
මහ ජල ගඟෙන් වැහුණ වාද්දුව නගරය - වෙළෙඳසැල් කිහිපයක් ජලයෙන් යටවෙයි
01:25
Video thumbnail
රටට සුබයි කිව්වා..මේ වගේ අසුබ කාලයක් තේ ගොවියට ලැබිලා නෑ - ආණ්ඩුවට දැඩි චෝදනාවක්
13:53
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56
Video thumbnail
බොහෝ ස්ථානවලට අදත් ගිගුරුම් සහිත තද වැසි - කැළඹිලි ස්වාභාවය හෙට දිවයිනෙන් ඉවතට
04:25
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50
Video thumbnail
හතර වටේ රැස්වීම් තියන්නේ ඡන්දයක් ළඟයිද ? - පැය 24 පුරාම ජනතාව සමඟ දිවා රාත්‍රී අපි මහන්සි වෙනවා
01:44
Video thumbnail
රුමේෂ්ගේ හෙල්ල කිහිපයකටම හානි
01:02