ඉන්දියාව පාකිස්තානයට එරෙහිව සිය ගුවන් සීමාව වසා දමයි – ඉන්දියාවේ ගුවන් වියදම ඉහළ යන ලකුණු

පසුගියදා ජම්මු – කාශ්මීරයේ පහල්ගම් ප්‍රදේශයේ දී සංචාරකයින් 26 දෙනෙකුට මරු කැඳවූ ත්‍රස්ත ප්‍රහාරයට එරෙහිව ඉන්දියාව පාකිස්තානයට සිය ගුවන් අවකාශය වසා දමා තිබෙනවා.

රොයිටර්ස් පුවත් වෙබ් අඩවිය වාර්තා කරන පරිදි පසුගිය සතියේ දී අදාළ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ඉන්දියාව පාකිස්තානයට එරෙහිව ගත් දැඩි දේශපාලනික තීන්දු තීරණ මත පාකිස්තානය ද ඉන්දියාවට සිය ගුවන් අවකාශය වසා දැමීමෙන් පසුව ඉන්දීය රජය විසින් ඊයේ (30) රාත්‍රියේ දී මෙම තීරණය ගෙන ඇති බවයි.

මෙම තහනම අප්‍රේල් 30 සිට මැයි 23 දක්වා පවතින බව ඉන්දීය රජය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.

සිද්ධියට පාකිස්තානය සම්බන්ධ කිරීමට ඉන්දියාව දරන උත්සාහයන් තරයේ ප්‍රතික්ෂේප කරන” බව පාකිස්තාන අගමැති ෂෙබාස් ෂරීෆ් ඊයේ සවස දුරකථන ඇමතුමක දී එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝට පැවසූ බව ෂරීෆ්ගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා.

ෂරීෆ් අමෙරිකාවෙන් ඉල්ලා ඇත්තේ විනිවිද ව පෙනෙන මෙම ප්‍රශ්නය දෙස විශ්වාසයෙන් යුතුව ඉන්දියාව කටයුතු කළ යුත්තේ මධ්‍යස්ථ පරීක්ෂණයක් ද පවත්වා බවත්, එබැවින් උද්වේගකාරී බව අඩු කරගනිමින් වගකීමෙන් කටයුතු කරන ලෙසට දන්වමින් ඉන්දියාවට බලපෑම් කරන ලෙසයි.

ඉන්දියානු විදේශ අමාත්‍යාංශයෙන් මේ පිළිබඳ ව රොයිටර්ස් විමසීමක් කිරීමට උත්සාහ කෙරුණ ද එය ව්‍යාර්ථ වී තිබෙනවා.

පාකිස්තාන ජාත්‍යන්තර ගුවන් සේවය පමණක් ඉන්දියානු ගුවන් සීමාව භාවිතා කරමින් ක්වාලාලම්පූර් වෙත ගුවන් ගමන් ක්‍රියාත්මක කරන බැවින්, පකිස්තානයේ ගුවන් සේවා කර්මාන්තයට ඉන්දියාවේ මෙම තීරණය දැඩි නොවනු ඇති බවයි විචාරකයින් පෙන්වාදෙන්නේ.

පසුගිය සතියේ, පකිස්තානය ඉන්දියාවට අයත් හෝ ක්‍රියාත්මක වන ගුවන් සමාගම් සඳහා සිය ගුවන් සීමාව වසා දැමූ අතර, තුන්වන රටවල් හරහා ඇතුළුව සියලුම වෙළඳාම අත්හිටුවා සහ ඉන්දියානු ජාතිකයින්ට නිකුත් කරන ලද විශේෂ දකුණු ආසියානු වීසා බලපත්‍ර ද අහෝසි කළා.

කෙසේවෙතත් පාකිස්තානය සිය ගුවන් කලාපය වසා දැමීමෙන් පසු ඉන්දියානු ගුවන් සමාගම් කෝටි ගණනක් පාඩු ලබන බවයි business -standard.com වෙබ් අඩවිය කළ අනාවරණයේ දැක්වෙන්නේ.

උතුරු ඉන්දියානු නගරවල සිට ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා ඉන්දියානු ගුවන් සමාගම්වලට සතියකට රුපියල් කෝටි 77ක අමතර පිරිවැයක් දැරීමට මෙමගින් සිදු වනු ඇති.

පාකිස්තානය පළමු ව ඉන්දියාවට එරෙහිව ගුවන් ගමන් තහනමක් පැනවීම හේතුවෙන් ඉන්දියාවට මේ වනවිට ගුවන් ගමන් කාලය, ඉන්ධන සහ අනෙකුත් ගාස්තු ඇස්තමේන්තු කර ඇති පරිදි, මුළු අමතර මාසික පිරිවැය රුපියල් කෝටි 307ක් දක්වා ඉක්මවා යා හැකි බවත් වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
3
+1
3
+1
1
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමගි ජන බලවේගයේ පා.ම මුජිබුර් රහුමාන් සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
00:00
Video thumbnail
මම පාවා දෙන්න පට්ට චරිතයක්..කපටිකම උපරිමයි..අතීතයේ ඩඩ්ලි කරපු වැඩ හිනාවෙවී කිව්ව හැටි
07:15
Video thumbnail
ඉරාන් ක්‍රිකට් බෝඩ් එක භාරගන්නවද ? "භාරදෙන්න එපැයි භාරගන්නවද නැද්ද කියන්න"
02:13
Video thumbnail
සමහරු දැන් මගෙන් ඉගෙන ගන්න එනවා..ලාල්කාන්ත හැමෝගෙම ඉස්සරහා කිව්ව කතාව
03:38
Video thumbnail
ඉල්ලා අස්වුණු ශම්මි සිල්වා පිටව ගිය හැටි
00:21
Video thumbnail
විශ්ව විද්‍යාල ශිෂ්‍යයයින් අධ්‍යාපන අමාත්‍යංශය වට කරයි..අපේ සටන පුළුවන්නම් නවත්තපන්
02:44
Video thumbnail
ජාත්‍යන්තර සාම පා ගමන සමාප්ති රාජ්‍ය උත්සවය
02:00:56
Video thumbnail
ශම්මි සිල්වා ප්‍රමුඛ ක්‍රිකට් විධායක කමිටුව ඉල්ලා අස්වෙයි
01:14
Video thumbnail
සුගීෂ්වර ඇතුළු සෙට් එකව ගමේ මිනිස්සු හූ කියලා එලවයි
01:13
Video thumbnail
පාතාලය මර්දනය කරන්න්න තුවක්කුවෙන් විතරක් බෑ..පුංචි දේකින් අපේ කඳුළු වට්ටන්න පුලුවන්
09:50