ඉන්දියාව තුළ සිටින පාකිස්තානුවන්ට පැය 48ක් ඇතුළත ඉවත් වන ලෙසට නියෝගයක්

ඉන්දියාව තුළ රැඳී සිටින සියලු ම පාකිස්තානුවන්ට පැය 48ක් ඇතුළත එරටින් පිටව යන ලෙසට ඉන්දීය රජය දැනුම්දී තිබෙනවා.

ඒ අනුව එරට මාධ්‍ය වාර්තා කළේ ඉන්දියාව තුළ සාර්ක් වීසා (දකුණු ආසියානු කලාපීය සහයෝගීතා සංගමය) මත රැඳී සිටින සියලු ම පාකිස්තානුවන්ට එරටින් බැහැර ව යන ලෙසට නියෝග කර ඇති බවයි.

වීසා නිදහස් කිරීමේ යෝජනා ක්‍රමය යටතේ පකිස්ථාන ජාතිකයින්ට ඉන්දියාවට යාමට අවසර නොදෙන බවත් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර තිබෙනවා.

දකුණු කාෂ්මීරයේ පහල්ගම්හි පුද්ගලයින් 26 දෙනෙකු ඝාතනය කළ ත්‍රස්ත ප්‍රහාරයෙන් දිනකට පසු මෙම ආන්දෝලනාත්මක දැනුම්දීම සිදු කර තිබීමත් විශේෂත්වයක්.

ඊයේ (23) අගමැති නරේන්ද්‍ර මෝදිගේ සභාපතිත්වයෙන් යුත් ආරක්ෂක කටයුතු පිළිබඳ ඉහළම තීරණ ගැනීමේ ආයතනය වන ආරක්ෂාව පිළිබඳ කැබිනට් කමිටුවේ රැස්වීමෙන් පසුව අදහස් දක්වමින් විදේශ ලේකම් විකම් මිස්රි පැවසුවේ ප්‍රහාරය පිළිබඳව කමිටුවට දැනුම් දුන් බවත්, එම කාලය තුළ එහි “දේශසීමා සම්බන්ධතා” මතු කරන ලද බවත්ය.

එමෙන්ම ඉන්දීය රජය දැනුම්දී ඇත්තේ මෙම ත්‍රස්ත ප්‍රහාරය සිදු කළ හෝ ඊට වක්‍රාකාරයෙන් හෝ උදව් සැපයූ ඕනෑම අයෙකුට හිතාගත නොහැකි අන්දමේ බැරෑරුම් ප්‍රතිඵලයක් අත්විඳීමට සිදු වනු ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56