ඉන්දියාව තුළ කොවිඩ් වසංගතය උග්‍ර වීමත් සමඟ කුම්භමේලා ආගමික උත්සවය නතර කරයි

ඉන්දියාව තුළ කොවිඩ් වෛරස් ව්‍යාප්තිය උත්සන්නවීමත් සමඟ ඉන්දියාවේ උත්තරාකාන්ද් ප්‍රාන්තයේ හරිද්වාර් හි පැවැත්වෙන කුම්භමේලා ආගමික උත්සවය නතර කිරීමට එහි ප්‍රධාන පූජකතුමන් තීරණය කර තිබෙනවා.

ස්වාමි අවුදෙෂාන්ද් ගිරි එම තීරණයට එළඹුණේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිදුකළ ඉල්ලීමකින් අනතුරුවයි.

කුම්භමේලා උත්සවය සංකේතාත්මකව පමණක් සිදුකිරීම යෝග්‍ය බවයි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

ඒ අනුව පසුගිය 01 වනදා ඇරඹුණු කුම්භමේලා උත්සවය එය ලබන 30 වනදා දක්වා මාසයක කාලයක් ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර තිබුණත් ඊයේ අවසන් කෙරුණා.

ගංඟා නදියේ හිස ගිල්වා පව් සෝදා හැරීමේ කුම්භමේලා චාරිත්‍රය අනාදිමත් කාලයක සිට සිදු කෙරෙන කටයුත්තක් වනවා.

ඊයේ ඉන්දියාවෙන් නව කොවිඩ් ආසාදිතයන් දෙලක්ෂ 34,692 ක් වාර්තා වූ අතර, එය, මෙතෙක් ඉන්දියාවෙන් වාර්තාවූ වැඩිම දෛනික ආසාදිත සංඛ්‍යාවයි.

ඒ අනුව එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව එක්කෝටි හතළිස් පන් ලක්ෂය ඉක්මවනවා.

ඊයේ වාර්තාවූ තවත් මරණ 1,341 ක් සමඟින් එරට කොරෝනා මරණ සංඛ්‍යාවද 175,000 ඉක්මවූවා.

කොවිඩ් ව්‍යාප්තිය වැඩි වශයෙන් සිදුවන මහරාෂ්ඨ ප්‍රාන්තයේ පමණක් දෛනික ආසාදිත සංඛ්‍යාව 67,000 ඉක්මවීම විශේෂත්වයක්.

ලොව පුරා කොවිඩ් මරණ සංඛ්‍යාවද මේ වනවිට තිස් ලක්ෂය ඉක්මවා ඇති අතර, ආසාදිත සංඛ්‍යාව දහ හතර කෝටි දහතුන් ලක්ෂයකට ආසන්නයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධ්‍යක්ෂ නිල නිවසේ අවසරයකින් තොරව බිබී බජව් දාන හැටි..Party දදා ෆුල් Fun එකක් ගන්නේ
02:08
Video thumbnail
මුදල් නි.ඇමති අරුම පුදුම ප්‍රකාශයක්නේ කරන්නේ..ජනතාවගේ අසහනය වර්ධනය වෙලා
05:47
Video thumbnail
මහ මඟදි හමුවූ මහින්ද රාජපක්ෂගේ ඒ නිහතමානි හිනාව..හදවතටම දැනෙන වීඩියෝවක්
00:56
Video thumbnail
පොලිස්පතිගේ ජොබ් එකටත් ෂොට් එක..ශානි පොලිස්පති කරන්න යන්නේ ?සුගීෂ්වරගෙන් ආණ්ඩුවට රතු එළි
06:00
Video thumbnail
එජාපය ලෑස්ති ආණ්ඩුව පෙරලන්නද ?..ඩොලර‍ය වැඩිවෙනවා කියන්නේ ණය බිලියන ගාණකින් වැඩි වෙනවා
03:30
Video thumbnail
ආන්දෝලනාත්මක මල්වානේ නිවසේ ඇත්ත හිමිකරු මෙන්න..ඇස් උඩයන කරුණු රැසක් එළියට..අධි Security VIP House
17:00
Video thumbnail
ලක්ෂ 12කට කාර් ගන්න නේද කට්ටිය ඡන්දය දුන්නේ ?සීලරතන හිමිට හරිම හිනා
03:14
Video thumbnail
මොකෙක්ද මේ NPP හෙංචයියෝ ටිකක් මේ රෝහලා කනවා..අපිලගේ සාදු කුපිත නලින්දට හොඳම එකෙන් දෙසයි
04:15
Video thumbnail
මල්වානේ යැයි කියූ වීඩියෝවේ ඇත්ත නැත්ත මෙන්න.."ආතල් ගන්න ඕනිනම් පොඩි ආතල් එකක් ගන්න"
06:20
Video thumbnail
PUCSL සභාපතිද ? NPP මන්ත්‍රීද ? දැන් ඇත්ත කියන්නේ ?..ඔක්කොම බොරු කරලද දැන්
01:17