ඉන්දියාව ගෝලීය ඉලෙක්ට්‍රොනික සැපයුම් දාමයේ කේන්ද්‍රීය භූමිකාවකට මුලපුරයි

ගෝලීය ඉලෙක්ට්‍රොනික සැපයුම් දාමයේ වඩාත් කේන්ද්‍රීය භූමිකාවකට අනුගත වීමට අවශ්‍ය පහසුකම් වෙනුවෙන් ඉන්දියාව අවධානය යොමු කර තිබෙනවා.

ඒ වෙනුවෙන් වන එක් පියවරක් ලෙස අර්ධ සන්නායක නිෂ්පාදන ක්ෂේත්‍රයේ දැවැන්තයකු ලෙස ප්‍රකට මයික්‍රොන් ටෙක්නොලොජි හි ප්‍රධානී සංජේ මෙහ්‍රෝත්‍රා සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අතර පසුගියදා සාකච්ඡාවක්ද පැවැත්වුණා.

ඉන්දියාව තුළ අර්ධ සන්නායක නිෂ්පාදන පරිසර පද්ධතිය ශක්තිමත් කිරීමේ සැලසුම් ගැන මෙහිදී සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.

ඉන්දියාවේ ගුජරාට් හි ගාන්ධිනගර් ප්‍රදේශයේ  පැවැත්වුණු ‘SemiconIndia 2023’ සමුළුවට සහභාගී වීමට මෙහෝත්‍රා ඉන්දියාව බලා පැමිණ තිබුණා.

ඉන්දීය අර්ධ සන්නායක මෙහෙවර විසින් කර්මාන්ත සංගම් සමඟ සහයෝගීතාවයෙන් සංවිධාන කරන ලද මෙම සම්මන්ත්‍රණයේ අරමුණ වී තිබුණේ  ඉන්දියාව අර්ධ සන්නායක නිර්මාණය, නිෂ්පාදනය සහ තාක්‍ෂණ සංවර්ධනය සඳහා ගෝලීය කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමයි.

‘SemiconIndia’ පසුගිය වසරේ දී පැවැත්වුණේ බැංගලෝර්හිදීයි.

මෙවර සමුළුවේ තේමාව වන්නේ ‘ඉන්දියාවේ අර්ධ සන්නායක පරිසර පද්ධතිය උත්ප්‍රේරණය කිරීම’ යන්නයි.

මයික්‍රොන් ටෙක්නොලොජි ප්‍රධාන විධායක නිලධාරීවරයා සහ අගමැති මෝදි අතර පැවති හමුව සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ, “@MicronTech හි සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී සංජේ මෙහෝත්‍රා මහතා ගාන්ධිනගර්හිදී අගමැතිවරයා හමු වූ අතර එහිදී  ඔවුන් ඉන්දියාවේ අර්ධ සන්නායක නිෂ්පාදන පරිසර පද්ධතිය ශක්තිමත් කිරීමට මයික්‍රොන් ටෙක්නොලොජි හි සැලසුම් පිළිබඳව සාකච්ඡා කළා ” යනුවෙන්.

අගමැති මෝදි මයික්‍රොන් ප්‍රධාන විධායක නිලධාරියා හමුවූ පළමු අවස්ථාව මෙය නොවන අතර මීට පෙර ජූනි මාසයේදී අගමැති මෝදිගේ එක්සත් ජනපද සංචාරයේ දී ද ඔවුන් දෙදෙනා අතර ඉතා හොඳ හමුවක් පැවැත්වී තිබුණා.

ඒ, සම්බන්ධයෙන් මෙහෝත්‍රා ප්‍රකාශ කර තිබුණේ “මම අගමැති මෝදි සමඟ විශිෂ්ට හමුවක් පැවැත්වුවා.

ඔහුගේ ඉන්දියාව සම්බන්ධයෙන් ඇති දැක්ම සහ ඉන්දියාව ලබා ඇති දියුණුව ගැන මම ඉතා පැහැදී සිටිනවා.

අපි පුළුල් පරාසයක මාතෘකා සාකච්ඡා කළා,අපි සැබවින්ම ඉන්දියාවේ වැඩි අවස්ථාවන් බලාපොරොත්තු වනවා,” යනුවෙන්.
මයික්‍රොන් ටෙක්නොලොජි සමාගම ඉන්දීය අගමැතිවරයාගේ ඇමරිකානු සංචාරය අතරතුර සිය ඉන්දීය ආයෝජන සැලසුම් නිවේදනය කළා.

ඔවුන් ඉන්දීය රජයේ සහය ඇතිව ඉන්දියාවේ නව අර්ධ සන්නායක එකලස් කිරීම සහ පරීක්ෂණ පහසුකම් ඉදිකිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 825 දක්වා ආයෝජනය කිරීමට බලාපොරොත්තුවෙන් සිටිනවා.

නිෂ්පාදන යටිතල පහසුකම් සහ හිතකර ව්‍යාපාරික පරිසරය ඇතුළු කරුණු හේතුවෙන් ගුජරාට් හි SANAND කාර්මික උද්‍යානය සිය ව්‍යාපෘතිය සඳහා තෝරා ගත් බව මයික්‍රොන් ටෙක්නොලොජි සමාගම පවසා තිබෙනවා.

මේ අතර, ඉන්දියාව සහ එක්සත් ජනපදය ඉලෙක්ට්‍රොනික භාණ්ඩ සඳහා කේන්ද්‍රස්ථානයක් වීමේ දිගුකාලීන සිහිනය සැබෑ කර ගැනීමට ඉන්දියාවට උපකාර කළ හැකි 2023 ඉන්දියානු-ඇමරිකා එක්සත් ජනපදයේ 5 වැනි වාණිජ සංවාදයේදී අර්ධ සන්නායක සැපයුම් දාමය පිහිටුවීම පිළිබඳ අවබෝධතා ගිවිසුමකට ද අත්සන් තබා තිබෙනවා.

මෙම අවබෝධතා ගිවිසුම මගින් අපේක්ෂා කර ඇත්තේ එක්සත් ජනපදයේ CHIPS සහ විද්‍යා පනත සහ ඉන්දියාවේ අර්ධ සන්නායක මෙහෙවර සැලකිල්ලට ගනිමින් අර්ධ සන්නායක සැපයුම් දාමයේ ඔරොත්තු දීමේ හැකියාව සහ විවිධාංගීකරණය පිළිබඳ රජයන් දෙක අතර සහයෝගී යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමයි.

චිප් නිෂ්පාදනයේ දැවැන්තයින් වන්නේ එක්සත් ජනපදය සහ චීනයයි.

එබැවින් වාණිජ අවස්ථා සඳහා පහසුකම් සැලසීමට අර්ධ සන්නායක අංශයේ සහයෝගීතාව ශක්තිමත් කිරීම වෙනුවෙන් එක්සත් ජනපදය සමඟ ඇති මෙම ගිවිසුම සහ නවෝත්පාදන පරිසර පද්ධති සංවර්ධනය ඉන්දියාවට ඉමහත් උපකාරයක් වනු ඇති බවයි පැවසෙන්නේ.

අර්ධ සන්නායක සැපයුමේ අර්බුදය කොවිඩ් වසංගත සමයේ  ආරම්භ වූ අතර එම තත්ත්වය 2021 වසරේදී තීව්‍ර වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විශ්‍රාම කාලය වැඩි කරන්න ඇයි මේ හදිස්සිය - අපිට මේක සැකයි - යටි අරමුණක් නිසාද?
13:27
Video thumbnail
මුළු නුවරඑළියම මීදුමෙන් වැසී යයි
00:58
Video thumbnail
මම ඊළඟ පාරේ ආණ්ඩු පැත්තේ වාඩිවෙනවා
02:25
Video thumbnail
නුවරඑළිය ග්‍රෙගරි වැවේ බෝට්ටු පැදීම තහනම් කරයි
00:44
Video thumbnail
නාය ගිය තැන බලන්න ආණ්ඩුවේ ප්‍රබලයෙක් දුවගෙන එයි
02:11
Video thumbnail
ලාල්කාන්ත මට කතා කරලා කිව්වා නිශ්ශබ්දව ඉන්න කියලා - මං කිව්වා මට නිශ්ශබ්දව ඉන්න බෑ කියලා
05:20
Video thumbnail
පස් කන්දකට යට වී අතුරුදන්ව සිටි සිව් දෙනාගේම සිරුර සොයා ගැනේ
00:30
Video thumbnail
පොලිස්පති ගැන කළ ප්‍රකාශයට සාගරට වැඩ වරදියිද ?මහමඟ ඝා#නය කිරීම ගැන ඉඟියක් දෙන්නේ ?
02:36
Video thumbnail
නීතිඥ සංගමයේ සභාපතිට කැබිනට් මාධ්‍ය හමුවෙදි දුන් පිළිතුර - දන්නේ නෑ කියන්න බෑ - එයාලා සාකච්ඡා කරපුවා
13:13
Video thumbnail
ඒකාධිපති පාලනයකට රට ගෙනියන්න හදන්නේ
07:18