ඉන්දියාව කැනඩා ජාතිකයන්ට වීසා ලබාදීම අත්හිටුවයි

ඉන්දියාව කැනඩා ජාතිකයන් සඳහා වීසා ලබාදීම අත්හිටුවා තිබෙනවා.

මෙහෙයුම් සම්බන්ධ ගැටලුවක් මත අද සිට නැවත දැනුම් දෙන තුරු කැනඩාවට වීසා ලබාදීම අත්හිටුවා ඇති බවයි ඉන්දියාව ප්‍රකාශ කර ඇත්තේ.

කැනඩාවේ වැන්කුවර් හිදී සීක් නායක හර්දිප් සිං ඝාතනය කිරීමට ඉන්දියාව සම්බන්ධ වී ඇති බවට කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ චෝදනා කර තිබුණා.

ඒ පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වීමෙන් පසුවයි මේ පිළිබඳ කැනඩා පාර්ශවය ප්‍රකාශයක් සිදුකළේ.

කෙසේ වෙතත් අදාළ චෝදනා ඉන්දියාව ප්‍රතික්ෂේප කර තිබුණා.

කැනඩාව එල්ල කළ චෝදනා හේතුවෙන් දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික අර්බුදයක් නිර්මාණය වී තිබෙනවා.

ඉන්දියාවේ සිටින කැනඩා ජාතිකයන්ට ද සමාජ මාධ්‍ය ඔස්සේ තර්ජන එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.