ඉන්දියාව අසරණ කළ කොරෝනා ප්‍රභේදය ශ්‍රී ලංකාවෙන් යළිත් හමුවෙයි

ඉන්දියාවේ ව්‍යාප්ත වෙමින් පවතින B.1.617.2 (ඩෙල්ටා) කොරෝනා ප්‍රභේදය ආසාදනය වූ අයෙකු මෙරට නිරෝධායන මධ්‍යස්ථානයකින් හඳුනාගෙන තිබෙනවා.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මේ බව කියා සිටියා.