ඉන්දියාවේ ‘හරිත විප්ලවයේ’ පියා අභාවප්‍රාප්ත වෙයි

ඉන්දියාවේ ‘හරිත විප්ලවයේ’ පියා වන එම්.එස්.ස්වාමිනාදන් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අභාවප්‍රාප්තවෙන විය ඔහු 98 වැනි වියේ පසු වුණා.

ඉන්දීය ‘හරිත විප්ලවයේ’ පියා සහ කෘෂිකාර්මික විද්‍යාඥයෙකුවන මාන්කොම්බු සම්බසිවන් ස්වාමිනාදන් හෙවත් එම්.එස්.ස්වාමිනාදන් අද (28) චෙන්නායිහි දී අභාවප්‍රාප්ත වී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

1925 අගෝස්තු 07 වන දින තමිල්නාඩුවේ තන්ජාවුර් දිස්ත්‍රික්කයේ උපත ලද ඔහු කෘෂි විද්‍යාඥයෙක්, කෘෂිකාර්මික විද්‍යාඥයෙක්, ශාක ජාන විද්‍යාඥයෙක්, පරිපාලකයෙක් සහ මානව හිතවාදියෙක් ද වනවා.

ඔහු ඉන්දියාවේ අඩු ආදායම්ලාභී ගොවීන්ට වැඩි අස්වැන්නක් ලබාදීම සහතික කිරීමට උපකාරී වෙමින් ඉහළ අස්වැන්නක් සහිත වී වර්ග සංවර්ධනය කිරීමේ දී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළ තැනැත්තෙක්.

අර්තාපල්, තිරිඟු, සහල්වල ජාන පිළිබඳව පර්යේෂණ කරමින් ස්වාමිනාදන් 1949 වසරේ දී සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළා.

ඉන්දියාව ආහාර හිඟයට තුඩු දෙන මහා සාගතයක අද්දර සිටියදී, ස්වාමිනාදන්, නෝමන් බෝර්ලොග් සහ අනෙකුත් විද්‍යාඥයන් සමඟ එක්ව ඉහළ අස්වැන්නක් සහිත තිරිඟු බීජ නිපදවමින් සිය රටට දායාද කරනු ලැබුවා.

එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන මඟින් “ආර්ථික පරිසර විද්‍යාවේ පියා” ලෙස හඳුන්වනු ලැබූ ස්වාමිනාදන්, 1960 සහ 70 ගණන් වලදී, සී.සුබ්‍රමනියම් සහ ජග්ජීවන් රාම් ඇතුළු කෘෂිකර්ම අමාත්‍යවරුන් සමඟ එක්ව ඉන්දියාවේ ‘හරිත විප්ලවයේ’ සාර්ථකත්වය සඳහා කටයුතු කළ පුරෝගාමියෙක්.

ස්වාමිනාදන් 1971 දී රේමන් මැග්සේසේ සම්මානයෙන් ද 1986 දී ඇල්බට් අයින්ස්ටයින් ලෝක විද්‍යා සම්මානයෙන් ද පිදුම් ලැබු අතර, ඔහු පද්ම ශ්‍රී, පද්ම භූෂණ සහ පද්ම විභූෂණ යන ඉන්දියාවේ පුරවැසියන් වෙනුවෙන් පිරිනමන ඉහළම සම්මානවලින් ද පිදුම් ලැබුවා.

ලෝකප්‍රසිද්ධ ටයිම්ස් සඟරාව විසින් 20 වන සියවසේ වඩාත්ම බලගතු ආසියානුවන් 20 දෙනාගෙන් කෙනෙකු ලෙස ද ඔහු නම් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාර්ගේ අභද්‍ර වචනය ගැන කළබල වෙන්න ඕනි නෑ - අපිට විපක්ෂ නායක ගැන විශ්වාසයි
03:40
Video thumbnail
"ඉතිහාසයේ කවදාවත් නොවුණු පුදුමාකාර දෙයක් වෙලා තියෙන්නේ"
00:22
Video thumbnail
කාටත් හොරා විදේශ රටකින් ආනයනය කළ බදු නොගෙවූ සිගරට් තොගයක් කොටුවෙයි
01:01
Video thumbnail
දෙදෙනෙකු එළොව යැවූ බද්දේගම රත් කළ වෙ# වරුසාව - මෙන්න CCTV දර්ශන එළියට..
01:18
Video thumbnail
යුද හමුදාවට රටේ බලය දීම ගැන දොලවත්තගෙන් හෙළිදරව්වක් - හමුදාවට පුරුදු නෑ මිනිස්සු එක්ක ගණුදෙනු කරලා
07:45
Video thumbnail
ජනපති අනුර සහභාගී වන ගම්පහ මහා රැලිය
00:00
Video thumbnail
අවු:20කින් හාරපු නැති ඇළක අනවසර ඉදිකිරීම ගොඩක් කරලා - ඉවත් කිරීමේදී මිනිස්සුන්ගෙන් චෝදනා
04:19
Video thumbnail
තිලීපන්ගේ පිළිරුව පොලිසියෙන් ඇවිත් ගලවගෙන යන හැටි - "ගලවපන්..ගලවපන් - කඩන්න එපා"
01:58
Video thumbnail
තාත්තයි පුතයි ඇවිත් සුපිරි වෙළෙඳසැලක කරපු වංචනික වැඩේ - කැරම් බෝඩ්වල Barcode මාරු කරලා දුන්න ගේම
01:36
Video thumbnail
කාටත් හොරා තබාගත් රිවෝල්වරයක් සහ උණ්ඩ දෙකක් සමඟ පුද්ගලයෙක් වාද්දූවෙන් කොටු
00:51