ඉන්දියාවේ රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවත් පුළුල් වෙයි – විදේශ ඇමතිට යුරෝපයෙන් ඇරයුම් රැසක්

ඉන්දියාව සිය රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තවදුරටත් පුළුල් කර ගනිමින් යුරෝපාකරය සමඟ හිතවත්කම් පුළුල් කර ගැනීමට කටයුතු කරමින් සිටිනවා.

ඉන්දිය විදේශ අමාත්‍ය එස් ජයිශංකර් යුරෝපීය රටවල් කිහිපයකම සංචාරයක නිරත වුණේ ඒ අනුවයි.

ස්වීඩනය, බෙල්ජියම ඒ අතරින් ප්‍රධාන වන අතර විදේශ අමාත්‍යවරයා බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර දී ඩිජිටල් සහ පිරිසිදු බලශක්ති කොටස්කරුවන්ගේ උත්සවය සඳහා ද එක් වුණා.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු ප්‍රකාශ කර තිබුණේ අදාළ රැස්වීම කැඳවීම සම්බන්ධයෙන් යුරෝපා කොමිසමේ විධායක උප සභාපතිවරයාට සිය ස්තූතිය පළ කරන බවයි.

විදේශ අමාත්‍ය ජයිශංකර්,මීට පෙර ඉන්දීය අමාත්‍ය කණ්ඩායම හමුවීම සම්බන්ධයෙන් යුරෝපීය කොමිසමේ සභාපති උර්සුලා වොන් ඩර් ලේයන්ට ද ස්තූතිය පළකර තිබුණා.

ඔහු ප්‍රකාශ කර තිබුණේ ඉන්දු-යුරෝපා සංගමයේ වෙළඳ හා තාක්ෂණ කවුන්සිලයේ රැස්වීමටත් වෙළඳාම, තාක්ෂණය සහ භූ දේශපාලනය පිළිබඳ විවෘත සාකච්ඡාවකටත් එය බෙහෙවින් වැදගත් වන බවයි.

බ්‍රසල්ස් නුවර පැවති ඉන්දීය-යුරෝපා සංගමයේ වෙළඳ හා තාක්ෂණ කවුන්සිලයේ පළමු රැස්වීම සඳහා සහභාගිවීමට බෙල්ජියමට පැමිණීමට පෙර ඉන්දිය විදේශ අමාත්‍යවරයා සංචාරයක නිරත වී තිබුණේ ස්වීඩනයේයි.

එහිදී ඔහු ස්වීඩන් ආරක්ෂක අමාත්‍ය පෝල් ජොන්සන්, ජාතික ආරක්ෂක උපදේශක හෙන්රික් ලැන්ඩර්හෝම් සහ අගමැති උල්ෆ් ක්‍රිස්ටසන් ද හමු වී තිබුණා.

එම සංචාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් “මම ස්ටොක්හෝම් වෙත ගියේ යුරෝපා සංගමයේ ඉන්දු-පැසිෆික් අමාත්‍ය සංසදයේ රැස්වීමක් සඳහා සහ ඉන්දියාව සහ ස්වීඩනය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 75 වැනි වසර සැමරීම සඳහායි. මගේ ස්වීඩන් සහකරු Tobias Billstrom සමඟ කළ සාකච්ඡා අපගේ ද්විපාර්ශ්වික සහයෝගීතාව ගවේෂණය කිරීම සම්බන්ධයෙන් පුළුල් වුණා. අපගේ  කලාපවල සහ ඇත්ත වශයෙන්ම ගෝලීය ආර්ථිකය සඳහා දේශපාලන හා ආර්ථික අභියෝග සාකච්ඡා කිරීම ඉහළ මට්ටමකට පැවතියා” යැයි ඔහු ප්‍රකාශ කර තිබුණා.

ඉන්දියාව සහ ස්වීඩනය අතර පාර්ලිමේන්තු අත්දැකීම් හුවමාරු කිරීම් ඇතුළුව සමුපකාර හැකියාවන් දෙස බලන ආකාරය සාකච්ඡා කිරීමට විදේශ අමාත්‍යවරයා මෙහිදී අමතක කර නැහැ.

ස්වීඩනය යුරෝපීය සංගමයේ ඉන්දියාවේ වැදගත් වෙළඳ, තාක්ෂණ සහ ආයෝජන හවුල්කරුවෙක්.

මේ අතර සිය බෙල්ජියම් සංචාරයේදී එරට අගමැති Alexander De Croo, වාණිජ හා කර්මාන්ත අමාත්‍ය Piyush Goyal සහ ව්‍යවසායකත්ව, නිපුණතා සංවර්ධන, ඉලෙක්ට්‍රොනික හා තාක්ෂණ පිළිබඳ මධ්‍යම රාජ්‍ය අමාත්‍ය රජීව් චන්ද්‍රසේකරන් යන මහත්වරුන් සමඟ වෙළඳාම ඇතුළුව ද්විපාර්ශ්වික සහයෝගීතාව වර්ධනය කිරීම පිළිබඳ ද්විපාර්ෂික සාකච්ඡා පැවැත්වීමට ද ඉන්දීය විදේශ අමාත්‍ය ජයිශංකර් කටයුතු කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18