ඉන්දියාවේ මිනිසුන් අසරණ කරන කොරෝනා නව ප්‍රභේදය ලංකාවටත් එන ලකුණු

කොරෝනා ආසාදිතයින් වැඩිවීමේ ඉහළ අවදානමක් ඉදිරි සති දෙකක කාලය තුළ පවතින බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ප්‍රකාශ කළා.

ඒ අනුව ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිබද දැඩි ලෙස සැළකිලිමත් විය යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මේ අතර, ඉන්දියාවේ මේ වන විට ව්‍යාප්ත වී ඇති නව කොරෝනා ප්‍රභේදය මෙරටට පැමිණීිමේ හැකියාවක් පවතින බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර පෙන්වා දෙනවා.

කෙසේ වෙතත්, එය පැමිණීම වලක්වාලීම සඳහා සෞඛ්‍ය අංශ ක්‍රියාමාර්ග ගෙන ඇති බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

මේ අතර, මාවනැල්ල සෞඛ්‍ය නිලධාරී කොට්ඨාශයේ නිරෝධායනට ලක්කර තිබූ පුද්ගලයින් 90 ක් අතරින් 43 දෙනෙකු අසාදිතයින් බවට තහවුරු තිබෙනවා.

එමෙන්ම, මැදවච්චිය නගරයේ පෙර පාසල් ගුරුවරියකට ද  කොරෝනා ආසාදිත බවට ඊයේ හඳුනා ගැනීමත් සමග එහි සිසුන් 20 දෙනෙකු ඇතුළු 85 දෙනෙකු ස්වයං නිරෝධායනට යොමුකර තිබුණා.

ඉන් සිසුන් 05 දෙනෙකුට කොරෝනා වෛරස මුලික රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් සිසුන් තුන්දෙනෙකු ඊයේ රාත්‍රීයේද අනෙක් සිසුන් දෙදෙනා අද පෙරවරුවේද රෝහල් ගත කෙරුණා.

එමෙන්ම, මැදවච්චිය නගරයේ රාජ්‍ය බැංකුවක සහ මාර්ග සංවර්ධන අධිකාරියේ කිහිපදෙනෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

එසේ තිබියදීත් මැදවච්චිය නගරයේ ජනතාව නිසි සෞඛ්‍ය උපදෙස් නොතකමින් ගැවසෙන අයුරු දක්නට ලැබුනු බවයි හිරු වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.

කොරෝනා අවදානම නොතකා නුවරඑළිය සහ අනුරාධපුරය පුජා නගරය ආශ්‍රිතවද විශාල පිරිසක් විවිධ ප්‍රදේශවලින් පැමිණ සිටිනු දක්නට ලැබුනා.

ඔවුන් අතරින් බහුතරයක් සෞඛ්‍ය උපදෙස් පිලිපදින ආකාරයක් දක්නට නොලැබුනු බවද හිරු වාර්තාකරුවන් සදහන් කළා.

මේ අතර, සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුමනය නොකරමින් පස්සර ප්‍රදේශයේ පැවැත්වූ සම්මන්ත්‍රණයක් නතර කිරීමට ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවර ගත්තා.

එසේම, දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද දිනයේත් විශේෂ මෙහෙයුම් සිදුකෙරුනේ මුව ආවරණ පැළදීම ඇතුලු සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි පිළිපදින්නේද යන්න පිළිබදව සොයා බැලීමටයි.

එහිදි බොහෝ ප්‍රදේශවල පුද්ගලයින් මුව ආවරණ පැළදීම ඇතුළු සෞඛ්‍ය නිතී රිති කඩකරන ආකාරයක් දක්නට ලැබුනු අතර පොලිසිය ඔවුන්ට අවවාද කරනු ලැබුවා.

මේ අතර, නිකුත් කෙරුණු සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට යටත්ව දහම් පාසල් පවත්වාගෙන යා යුතු බවයි බෞද්ධ කටයුතු පිළිබද දෙපාර්තමෙන්තුව නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ.  

එසේම,  සියලු පාසල් මෙතෙක් ක්‍රියාත්මක වූ ආකාරයටම සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ තවදුරටත් පවත්වා ගෙන යන බව අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රකාශ කළා.

එහි ලේකම් මහාචාර්ය කපිල පෙරේරා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ පාසල්වල විදුහල්පතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් පත්කර ඇති කමිටු, පාසල් පවත්වාගෙන යන ආකාරය සැලසුම් කරනු ඇති බවයි.

  1. ලන්කාවෙ ගොඩක් ජාවාරම් කාරයො කේරල ගන්ජ සහ අනෙකුත් දේවල් ලන්කාවට එන්නෙ මුහුදු යන දීවරයින්ගෙන්. ඉන්දියාවෙ දීවරයොන්ගෙන් මුහුදෙ මැදදි තමයි හුවමාරු කරගන්නෙ ඔව්ව මට තේරෙන විදියට ඊට ඉතින් එහෙම කරනකොට කොරෝන හැදෙන්න පුලුවන්. ඉතින් මාරම බයානක තත්වයක් තියෙන්නෙ ලන්කාවට පුලුවන් තරම් පරිස්සම් වෙන එක තමයි කරන්න ඕනෙ ඉතින් ….



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහර සිදුවීම ගැන ආණ්ඩුවේ ප්‍රබලයෙක් කට අරියි - පහුගිය දේශපාලනයයි, පාතාලයයි එකතුවෙලා කරන වැඩ මේ ?
03:26
Video thumbnail
වත්තේ ඉපදිච්ච නිසා අපි වත්තෙද වැඩ කරන්න ඕනි
01:58
Video thumbnail
ආණ්ඩුවට ගන්නා වී සහල් කිරීමට විශාල වී මෝලක් හදනවා අපි
04:59
Video thumbnail
බස් රථයක් යතුරුපැදියක ගැටී සිදූවූ අනතුර
01:10
Video thumbnail
කෘෂිකර්මාන්තය විනාශ කරන දාර පණුවෝ දෙන්නා ඇමතියයි, නි.ඇමතියයි - ශුක්‍රාණු යවන්න ඕනි රට
07:07
Video thumbnail
රජය, ඇමතිලා ඉන්නේ පිස්සු නටන්න නෙවෙයි - ඇමතිලා බයිලා කියන්නේ
11:00
Video thumbnail
අන්තරේට අගමැතිගෙන් යහපත් ප්‍රතිචාරයක් ? - මේවට කුඩම්මගේ සැලකිලි තියෙන්නේ
08:05
Video thumbnail
දෙයියන්ගෙම පිහිටයි සජිත් ප්‍රේමදාසට - ප්‍රසාද්ට කට උත්තර නැතිකළ බිමල්
01:17
Video thumbnail
Dasatha Vimasuma| මාලිමාව නියමයි..මම දුන්නෙත් මාලිමාවට දෙන්නෙත් මාලිමාවට..මාව මැ#වත් කමක් නෑ
01:40
Video thumbnail
මන්ත්‍රී කෙනෙක් පළාතටවත් ආවේ නෑ - ඡන්දවලට එනවා..ආපු ගංවතුරට අපේ ගෙවල් ගන්න දෙයක් නෑ
07:53