ඉන්දියාවේ මැතිවරණ ප්‍රචණ්ඩත්වය ඉහළ යයි – ඇමතිවරුන්ට මහ පාර මැද පහර දෙයි (VIDEO)

ඉන්දියානු රාජ්‍ය අමාත්‍ය වී.මුරලිදරන් හට ප්‍රාන්ත මැතිවරණයෙන් බටහිර බෙංගාලය ජයග්‍රහණය කළ මම්තා බැනර්ජීගේ පක්ෂය වන ඕල් ඉන්ඩියා ත්‍රිණාමූල් කොංග්‍රසයේ පක්ෂ සාමාජිකයන් විසින් පහර දී ඇතැයි වාර්තා වෙයි.

ඔහු විසින් බටහිර බෙංගාලයේ පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳව නිරික්ෂණය කිරීමට යෑමේදී මෙම පහර දීම සිදුකර තිබේ.

රාජ්‍ය අමාත්‍යවරයා විසින් ගමන් ගත් රථ පෙළ හරස් කරගත් මැර පිරිසක් විසින් පොලු රැගෙන රථවලට පහර දෙන ආකාරය මෙහිදී අමාත්‍යවරයා විසින් වීඩියෝ ගත කර ඇති එහිදී එක් පුද්ගලයෙකු විසින් අමාත්‍යවරයාගේ රථයේ ජනේලයකට පහර දෙන අතර එහී විදුරුව කැඩී යන ආකාරය ද සටහන්ව තිබුණි.

මේ වන විට පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් ඇති අතර ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් සිය නිවෙස් අත්හැර ගොස් ඇති බවත් භාරතීය ජනතා පක්ෂයේ ප්‍රධානී ජේ.පී නන්දා විසින් ප්‍රකාශ කර තිබේ.

එමෙන්ම මෙම ගැටුම් ඇති කරන ලද්දේ ටී.එම්.සී නායිකා මම්තා බැනර්ජී විසින් බවට චෝදනා එල්ල කරන භාරතීය ජනතා පක්ෂය වැඩිදුරටත් කියා සිටින්නේ ජනතාවට සාමය පවත්වාගෙන යන ආකාරයෙන් කටයුතු කරන ලෙසයි.

ඊයේ (05) දිනයේ මහා අමාත්‍ය ධූරයේ දිවුරුම් දුන් මම්තා බැනර්ජි විසින් සිය ප්‍රතිඥාවෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ නීතිය හා සාමය ප්‍රමුඛතාවයක් බවයි.

හදිසියේම ඇති වූ මෙම ප්‍රචණ්ඩත්වය හේතුව සොයා බැලීම සඳහා මධ්‍යම රජයේ ස්වදේශ කටයුතු අමාත්‍යරයා විසින් විශේෂ කමිටුවක් පත්කර ඇති අතර එම කමිටුව විසින් ප්‍රාන්තයේ ඇති තත්ත්වය නිරික්ෂණය කර වාර්තා කිරීමට පිටත්ව ගොස් ඇති බවත් වාර්තා වෙයි.

වී.මුරලිදරන් රාජ්‍ය අමාත්‍යවරයාට පහරදුන් අවස්ථාවේ වීඩියෝව පහතින්,

https://streamable.com/3cxpho
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
13
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09