spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඉන්දියාවේ මනිපූර්හි භූකම්පනයක්

ඉන්දියාවේ මනිපූර්හි අද (21) අලුයම භූමිකම්පාවක් සිදුව තිබෙනවා.

මෙම භූමිකම්පාව රිච්ටර් පරිමාණයේ 3.5 ක ප්‍රබලත්වයක් ගෙන ඇති බවයි එරට භූකම්පන විද්‍යාව සඳහා වූ ජාතික මධ්‍යස්ථානය සඳහන් කළේ.

අලුයම 5.01ට පමණ සිදුව ඇති මෙම භූකම්පනය මනිපූර් හී උක්රුල් ප්‍රදේශයේ කිලෝමීටර් 20ක් ගැඹුරින් සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මෙම භූමිකම්පාවෙන් සිදුව ඇති ජීවිත හෝ දේපළ හානි පිළිබඳ මෙතෙක් වාර්තා වී නොමැති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

මීට පෙර රාජස්ථාන් ප්‍රාන්තයේ ජායිපූර් ප්‍රදේශයට පැය භාගයක කාලයක් තුළ භූමිකම්පා තුනක බලපෑම දැනී ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
5
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?