ඉන්දියාවේ බස් රථ අනතුරකින් 6ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ මහාරාශ්ට්‍ර ප්‍රාන්තයේ බුල්ධනා ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයන් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 21 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

අද අලුයම 2.30ට පමණ ගුවන් පාලමක් මතදී අනතුර සිදුවී ඇති අතර මියගිය පිරිස අතර කාන්තාවන් දෙදෙනෙකු ද වන බව සඳහන්.

එක් බස් රථයක් ලොරියක් පසුකර යාමට උත්සාහ කිරීමේදී විරුද්ධ දිශාවෙන් පැමිණි බස් රථයක ගැටී තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූවන් ආසන්න රෝහල් වෙත ඇතුලත් කර ඇති බවයි වාර්තා වන්නේ.

පාලම මත සිදු වූ මෙම අනතුරත් සමග අදාළ මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක් ද නිර්මාණය වී තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33