spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඉන්දියාවේ බස් රථ අනතුරකින් 6ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ මහාරාශ්ට්‍ර ප්‍රාන්තයේ බුල්ධනා ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයන් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 21 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

අද අලුයම 2.30ට පමණ ගුවන් පාලමක් මතදී අනතුර සිදුවී ඇති අතර මියගිය පිරිස අතර කාන්තාවන් දෙදෙනෙකු ද වන බව සඳහන්.

එක් බස් රථයක් ලොරියක් පසුකර යාමට උත්සාහ කිරීමේදී විරුද්ධ දිශාවෙන් පැමිණි බස් රථයක ගැටී තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූවන් ආසන්න රෝහල් වෙත ඇතුලත් කර ඇති බවයි වාර්තා වන්නේ.

පාලම මත සිදු වූ මෙම අනතුරත් සමග අදාළ මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක් ද නිර්මාණය වී තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
6
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?