spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඉන්දියාවේ බස් රථ අනතුරකින් 18ක් මරුට

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ලක්නව් අගනුවරට කිලෝමීටර් 28 ක් ඈතින් වූ බරබනාකි ප්‍රදේශයේදී බස් රථයක්, ට්‍රක් රථයක ගැටීමෙන් පුද්ගලයින් 18 දෙනෙකු ජිවිතක්ෂයට පත්වී තිබෙනවා.
බිහාර් ප්‍රාන්තයේ වැසියන්වන කම්කරුවන් පිරිසක් මෙම අනතුරට මුහුණදී ඇති අතර ඔවුන් පන්ජාබ් සහ හර්යානා ප්‍රාන්තවල සේවයේ නිරතව සිටි අයයි.

නැවත බිහාරයට පැමිණෙමින් සිටින විට රාත්‍රියේ බස් රථය අක්‍රිය වීම නිසා ඔවුන් එය ඉදිරිපිට මහාමාර්ගයේ නිදාගෙන තිබෙනවා.

පිටුපසින් පැමිණි ට්‍රක් රථයක් බස් රථය ඉදිරියට තල්ලු කර ඇත්තේ එම කම්කරුවන් පිරිස අනතුරට ලක් කරමින්. තුවාල ලැබූ පිරිසක් රෝහල් ගත කර ඇති අතර ආපදා කණ්ඩායම් විසින් බස් රථයට යටවී මියගිය පුද්ගලයන්ගේ සිරුරු ඉවත් කර ගනු ලැබුවා.

අනතුර සිදුවන අවස්ථාවේ මෙම බස් රථය තුළ මගින් 140 ගමන් ගෙන ඇති බවයි වාර්තා වන්නේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?