ඉන්දියාවේ බස් අනතුරකින් 36ක් මරුට

ඉන්දියාවේ ජම්මු කාශ්මීරයේ දෝඩා ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් පුද්ගලයන් 36 දෙනෙකු මිය ගොස් තවත් 19 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

මගීන් 55 දෙනෙකු රැගත් බස් රථය Batote-Kishtwar මහා මාර්ගයේ Trungal-Assar අසලදී මාර්ගයෙන් ඉවතට පැන අඩි 300ක් පහළට වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

තුවාල ලබා ඇති අයගෙන් ඉන් 6 දෙනෙකුගේ තත්වය බරපතල බව ද සඳහන්. තුවාල ලැබූවන් ඩෝඩා සහ කිෂ්ත්වාර් හි රජයේ රෝහල් වෙත යොමු කර තිබෙනවා.

තුවාලකරුවන් ගුවන්ගත කිරීම සඳහා හෙලිකොප්ටර් සේවාවක් ද සූදානම් කරමින් සිටින බව සඳහන්.

ඉන්දීය ජනාධිපති ද්‍රවුපදි මුර්මු සහ සහ අගමැති නරේන්ද්‍ර මෝදි අනතුර සම්බන්ධයෙන් සිය ශෝකය ප්‍රකාශ කර තිබෙනවා.

අනතුරින් මියගිය පුද්ගලයින්ගේ පවුල්වලට රුපියල් ලක්ෂ 2 බැගින් සහ තුවාල ලැබූවන්ට රුපියල් 50,000 බැගින් වන්දි මුදලක් ලබාදෙන බව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇති බව ද සඳහන්.