ඉන්දියාවේ “තේජස්” ප්‍රථම වරට ජාත්‍යන්තර ගුවන් පුහුණු අභ්‍යාසයක

ඉන්දියාව විසින් දේශීයව නිපදවන ලද සැහැල්ලු ප්‍රහාරක ගුවන් යානයක් වන ‘තේජස්’ ප්‍රථම වරට ජාත්‍යන්තර ගුවන් පුහුණු අභ්‍යාසයකට සහභාගි වීමට නියමිතව තිබෙනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන ජාත්‍යන්තර බහුපාර්ශ්වික ගුවන් අභ්‍යාසයක් ලෙසින් ක්‍රියාත්මක වන මෙම අභ්‍යාසය නම් කර ඇත්තේ “කාන්තාරයේ ධජය VIII” ලෙසයි.

මෙම අභ්‍යාසයට සහභාගී වීම සඳහා ගුවන් රණශූරයන් 110 දෙනෙකුගෙන් සමන්විත ඉන්දීය ගුවන් හමුදා කණ්ඩායමක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අල් දහ්ෆ්‍රා ගුවන් කඳවුරට ළඟා වුණා.

ඉන්දීය ගුවන් හමුදාව පවසන්නේ තේජස් කාණ්ඩයට අයත් සැහැල්ලු ප්‍රහාරක ගුවන් යානා 5ක් C-17 ග්ලෝබ්මාස්ටර් III ගුවන් යානා දෙකක් මෙම ගුවන් අභ්‍යාසය සඳහා සහභාගී වන බවයි.

තේජස් ප්‍රහාරක සැහැල්ලු ගුවන් යානා ඉන්දියාවෙන් පිටත ජාත්‍යන්තර පියාසර අභ්‍යාසයකට සහභාගී වන පළමු අවස්ථාව මෙය බව ද ඉන්දීය ගුවන් හමුදාව පවසනවා.

අද (27) සිට මාර්තු 17 දක්වා පැවැත්වීමට නියමිත අදාළ අභ්‍යාසයට එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ප්‍රංශය, කුවේට්,ඔස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය, බහරේනය, මොරොක්කෝව,ස්පාඤ්ඤය, කොරියානු ජනරජය යන රටවල් සහභාගි වීමට නියමිතයි.

විවිධ ප්‍රහාරක ක්‍රියාකාරකම්වලට සහභාගී වීම සහ විවිධ ගුවන් හමුදාවන්ගේ හොඳම භාවිතයන් ඉගෙන ගැනීම මෙම අභ්‍යාසයේ අරමුණ බව ඉන්දීය ගුවන් හමුදාව පවසනවා.

විදෙස් වාර්තා පවසන්නේ තේජස් වර්ගයේ සැහැල්ලු ප්‍රහාරක ගුවන් යානා ආජන්ටිනාව ,ඊජිප්තුව ඇතුළු රටවල්වලට අපනයනය කිරීම සම්බන්ධයෙන් ද ඉන්දියාව සාකච්ඡා අරඹා ඇති බවයි.

එම්.කේ. 2 සැහැල්ලු ප්‍රහාරක ගුවන් යානා නිෂ්පාදනයට පසුගිය වසරේ දී ඉන්දීය කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබූ අතර රටවල් 16ක් පමණ ඒ සම්බන්ධයෙන් උනන්දුවක්  දැක්වීම හේතුවෙන් එම යානා නිෂ්පාදනය වේගවත් කිරීම සඳහා මේ වන විට පෞද්ගලික ආයතන හඳුනාගැනීමේ  කටයුතු සිදු වෙමින් පවතින බවයි ඉන්දීය වාර්තා පවසන්නේ.

  1. ASIAWE KAPATI NAKI NARIYA KIYALA INDIA WAMA HANDUNWAPU JRJ PAMANATA WADA ADAMBARAWELA PM INDIRA SAHA INDIAN GOVT EKKA PRASHNA DA GATHTHA. ITA PASSE AYE KALEKATA GODA ENNA BERI WENNA NATHI DEMALA KITO PRASHNAYAK DALA APE RATA AWUL KALA. ETHEK THIBUNA SEEGRA DIYUNUWA BALAGENA INNA BERI KAMAK, KUHAKA MAKA, IRISIYAWAK INDIAWATA THIBUNE, ANTHIMEDHI APE GONNU EKE ELLILATA NATANAKOTA INDIA APITA ENNA THIBUNA LOKA PRASIDDHA SAMAGAM WALATA EHE DORA ARIYA. UN OKKOMA EHE GIYA, ADHA UN MONAWADHA HADANNE NATHITHTE. UN THEJAS HADANAKOTA APITA RAJAS YANAWA, NONAWATHWAMA