ඉන්දියාවේ, ඩෙල්ටා ප්ලස් කොරෝනා ප්‍රභේදය ආසාදනය වූවන් 48 දෙනෙක් වාර්තා වෙයි

ඩෙල්ටා ප්ලස් කොරෝනා ප්‍රභේදය ආසාදනය වූවන් 48 දෙනෙකු පමණ ඉන්දියාවෙන් වාර්තා තිබෙනවා.

එරට සෞඛ්‍ය අංශය උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය මේ බව කියා සිටියා.

අදාළ වෛරස් ප්‍රභේදය ආසාදනය වීමෙන් මහරාශ්ට ප්‍රාන්තයේ 80 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

ගත වූ පැය 24 තුළ ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් 51,667 දෙනෙකු වාර්තාවී ඇති බව සඳහන්.

එමෙන්ම 64,527 පූර්ණ සුවය ලබා නිවෙස් වෙත ගිය බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා වැඩිදුරටත් කියා සිටියේ



අපගේ නවතම වීඩියෝ පුවත්