ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයේ රිය අනතුරකින් 6 දෙනෙක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ මල්කාන්ගිරි දිස්ත්‍රික්කයේ දී සිමෙන්ති පිරවූ ට්‍රක් රථයක් පෙරලීමෙන් කම්කරුවන් හය දෙනෙකු මිය ගොස් තවත් හත් දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ට්‍රක් රථය චිත්‍රකොන්ඩා සිට ජෝඩම්බ බලා යමින් සිටියදී ස්වාභිමාන් අන්චල් ප්‍රදේශයේ හන්තලගුඩාගාට් ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව සිමෙන්ති කොට්ට යට සිරවී සිටි කම්කරුවන් පස් දෙනෙකුගේ මළ සිරුරු පිටතට ගෙන ඇති අතර තුවාල ලැබූවන් රෝහල් ගත කර තිබෙනවා.

අනතුරින් පස් දෙනෙකු එම ස්ථානයේදීම මිය ගිය අතර තුවාල ලැබූ තවත් අයෙක් රෝහලේදී මරණයට පත්වුණා. තුවාල ලැබූ කම්කරුවන් ජෝඩම්බා අසල පිහිටි රජයේ රෝහලට ගෙන ගොස් පසුව චිත්‍රකොන්ඩා වෙත මාරු කර යවා තිබෙනවා.

මියගිය සියලු දෙනා නබරන්ග්පූර් දිස්ත්‍රික්කයේ කොසගුමුඩා ප්‍රදේශයේ පදිංචිකරුවන්.

ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය නවීන් පට්නායික් අනතුරින් පුද්ගලයින් මියයාම සම්බන්ධයෙන් ශෝකය ප්‍රකාශ කළ අතර විපතට පත් වූවන්ගේ පවුල් සඳහා රුපියල් ලක්ෂ 3ක වන්දියක් ලබාදෙන බවයි ප්‍රකාශයට පත් කළේ.

තුවාල ලැබූවන් සඳහා නොමිලේ ප්‍රතිකාර ලබාදීමට ද නියෝග කළ ඔහු ඔවුන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කර තිබෙනවා.

නබරන්ග්පූර් පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් මජ්හි රෝහලට ගොස් තුවාලකරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සොයා බැලුවා.

මේ අතර Nayagarh දිස්ත්‍රික්කයේ Daspalla ප්‍රදේශයේ දී මෝටර් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් තිබෙනවා.

චත්තිස්ගාර් ප්‍රාන්තයේ වන්දනාකරුවන් රැගත් මෝටර් රථය පූරි බලා යමින් සිටියදී සුබලයා චතුරශ්‍රය අසලදී මෙම අනතුර සිදුව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

යතුරුපැදියේ ගමන් ගත් තිදෙනෙකු එම ස්ථානයේදීම මිය ගිය බව පොලිසිය ප්‍රකාශ කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:14
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති වේදිකාවට
01:18
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති පිටව යයි
01:17
Video thumbnail
මම ජනපති විදියට ඉන්නේ ඇස් දෙක බැඳගෙන - හොරු අල්ලන්න සීමාවක් තියෙනවද ?නෑ සීමා රහිතයි මේක
04:19
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති අනුර සෙනඟ මැදින් නොච්චියාගම වේදිකාවට
02:51
Video thumbnail
තිස්සකුට්ටි මහත්තයෝ එන්න නොච්චියාගමට ඇවිත් බලාගන්න - මේ දර්ශනය ඇත්තටම චිත්‍රපටියකට ගන්න ඕනි
08:22
Video thumbnail
සමහරු රැළියේ යනවා අපේ හොරා අපිට හොදා කියලා..මරු - අපේ රටේ ගෝත්‍රික චූටි කණ්ඩායමක් ඉන්නවා
02:00
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති අනුර පිටව යයි
04:02
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා කහටගස්දිගිලියම හෙල්ලෙන්න දෙයි - එයාලා තාම පරණ පාරේ බර කරත්තේ
11:10
Video thumbnail
මේ ආණ්ඩුවේ කිසි කෙනෙක් හොරකම් කරන්නේ නෑ - අපි දන්නවා ඔයාලට අපිව පන්නන්න බෑ කියලා
12:16