spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයේ රිය අනතුරකින් 6 දෙනෙක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ මල්කාන්ගිරි දිස්ත්‍රික්කයේ දී සිමෙන්ති පිරවූ ට්‍රක් රථයක් පෙරලීමෙන් කම්කරුවන් හය දෙනෙකු මිය ගොස් තවත් හත් දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ට්‍රක් රථය චිත්‍රකොන්ඩා සිට ජෝඩම්බ බලා යමින් සිටියදී ස්වාභිමාන් අන්චල් ප්‍රදේශයේ හන්තලගුඩාගාට් ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව සිමෙන්ති කොට්ට යට සිරවී සිටි කම්කරුවන් පස් දෙනෙකුගේ මළ සිරුරු පිටතට ගෙන ඇති අතර තුවාල ලැබූවන් රෝහල් ගත කර තිබෙනවා.

අනතුරින් පස් දෙනෙකු එම ස්ථානයේදීම මිය ගිය අතර තුවාල ලැබූ තවත් අයෙක් රෝහලේදී මරණයට පත්වුණා. තුවාල ලැබූ කම්කරුවන් ජෝඩම්බා අසල පිහිටි රජයේ රෝහලට ගෙන ගොස් පසුව චිත්‍රකොන්ඩා වෙත මාරු කර යවා තිබෙනවා.

මියගිය සියලු දෙනා නබරන්ග්පූර් දිස්ත්‍රික්කයේ කොසගුමුඩා ප්‍රදේශයේ පදිංචිකරුවන්.

ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය නවීන් පට්නායික් අනතුරින් පුද්ගලයින් මියයාම සම්බන්ධයෙන් ශෝකය ප්‍රකාශ කළ අතර විපතට පත් වූවන්ගේ පවුල් සඳහා රුපියල් ලක්ෂ 3ක වන්දියක් ලබාදෙන බවයි ප්‍රකාශයට පත් කළේ.

තුවාල ලැබූවන් සඳහා නොමිලේ ප්‍රතිකාර ලබාදීමට ද නියෝග කළ ඔහු ඔවුන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කර තිබෙනවා.

නබරන්ග්පූර් පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් මජ්හි රෝහලට ගොස් තුවාලකරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සොයා බැලුවා.

මේ අතර Nayagarh දිස්ත්‍රික්කයේ Daspalla ප්‍රදේශයේ දී මෝටර් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් තිබෙනවා.

චත්තිස්ගාර් ප්‍රාන්තයේ වන්දනාකරුවන් රැගත් මෝටර් රථය පූරි බලා යමින් සිටියදී සුබලයා චතුරශ්‍රය අසලදී මෙම අනතුර සිදුව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

යතුරුපැදියේ ගමන් ගත් තිදෙනෙකු එම ස්ථානයේදීම මිය ගිය බව පොලිසිය ප්‍රකාශ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?