ඉන්දියාවේ අකුණු අනතුරකින් 11ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්තයේ ජායිපූර් අගනුවර ඉපැරණි ගොඩනැගිල්ලක් මතදී අකුණුසැර වැදීමෙන් පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

12 වන සියවසේ ඉදිකළ අමීර් මැදුරේ නැරඹුම් කුළුණක් මත වර්ෂාව මධ්‍යයේ සෙල්ෆි ඡායාරූප ගනිමින් සිටි පිරිසක් මෙම අනතුරට මුහුණ දී ඇති බව සඳහන්.

ඇතමුන් කලබලයට පත්වී එම කුළුණෙන් ඇද වැටීම නිසා තුවාල ලබා තිබෙනවා.

අකුණු ප්‍රහාරය එල්ල වද්දී එම නැරඹුම් කුළුණේ පුද්ගලයින් 27 දෙනෙකු සිට ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

මියගිය එක් පුද්ගලයෙකු වෙනුවෙන් ඔවුන්ගේ පවුල් වෙත රුපියල් ලක්ෂ 05 බැගින් වන්දි මුදලක් පිරිනමන බව ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය අශෝක් ගෙහෙලෝත් ප්‍රකාශ කළා