ඉන්දියාවෙන් සෞඛ්‍ය වෘත්තිකයන්ගේ ගෝලීය සංචිතයක්

වසංගත සහ ස්වාභාවික විපත්වල දී ලොව ඕනෑම රටකට සහය විය හැකි සෞඛ්‍ය වෘත්තිකයන්ගේ ගෝලීය සංචිතයක් නිර්මාණය කිරීමට ඉන්දියාව ඉදිරිපත් වී තිබෙනවා.

ඉන්දියාව ලෝක වෙළෙඳ සංවිධානයෙන් ඉල්ලීමක් කර ඇත්තේ රටවල් අතර දුරස්ථ දේශසීමා වෛද්‍ය සේවාවන් සක්‍රීය කිරීමට අදාළ රෙගුලාසි සකස් කර දෙන ලෙසයි.

ගෝලීය වශයෙන් පිළිගත් සෞඛ්‍ය වෘත්තිකයින්ගේ පුහුණු සංචිතයක් පිහිටුවීමේ අදහස තම රට විසින් හඳුන්වා දුන්න ද අර්බුදකාරී අවස්ථාවක දී  ඕනෑම රටකට මෙම සංචිතයෙන් සහය ලබාගත හැකි බවයි ඉන්දියාව පවසන්නේ.

ජාත්‍යන්තරව පිළිගත් මෙම වෘත්තිකයන්ට විශේෂ සංචරණ අයිතීන් හෝ සාමාන්‍ය සංචරණ සීමාවන්ගෙන් නිදහස් කිරීම් ලබා දිය යුතු බව  ඉන්දියාව ලෝක වෙළඳ සංවිධානයට ඉදිරිපත් කර තිබෙන වාර්තාවේ සඳහන්. 

කෙසේ වෙතත් මෙම වෘත්තිකයින්ගේ සහය ලබා ගැනීම සිදු විය යුත්තේ ඊට අදාළ ජාත්‍යන්තර සංවිධාන සමඟ සම්බන්ධීකරණයෙන් බවට ද ඉන්දියාව යෝජනා කර තිබෙනවා.

ඉන්දියාව පෙන්වා දී ඇත්තේ එවැනි සම්පත් සංචිතයක් ස්ථාපිත කිරීමේදී නිපුණතා සිතියම්ගත කිරීම, ගැලපීම සහ වැඩි දියුණු කිරීම අවශ්‍ය වන බවත් ඒ සඳහා  කලාපීය සහ ගෝලීය මට්ටමින්  පාලන තන්ත්‍රයන් තාවකාලිකව ලිහිල්  කිරීම සුදුසු බවයි.

සෞඛ්‍යය වෘත්තිකයින්ගේ වෘත්තීය සුදුසුකම් හඳුනාගැනීමට ජාත්‍යන්තර සංවිධාන සමඟ සම්බන්ධීකරණයෙන්  බහුපාර්ශ්වික රාමුවක් සකස් කළ යුතු බවත් ඉන්දියාව ඉදිරිපත් කර තිබෙන යෝජනාවේ සඳහන්.

මෙම සාමූහික ප්‍රයත්නය වසංගත සහ ස්වාභාවික විපත් අවස්ථාවන්හි දී ජාත්‍යන්තර සහයෝගීතාවයේ ජීව ගුණය පිළිබිඹු කරනු ඇති බව ඉන්දියාවේ අදහසයි.

එවැනි සෞඛ්‍ය සේවා වෘත්තිකයින්ගේ සංචිතයකට පහසුකම් සැලසීමට, අදාළ සේවා අලෙවියට සහ වෘත්තීන් භාවිත කිරීමට පොදු ජාත්‍යන්තර ප්‍රමිතීන් සහ නිර්ණායක සකස් කිරීම සිදුවන්නේ ලෝක වෙළඳ සංවිධානය මගින්.

ඉන්දියාව තවත් ඉල්ලීමක් ලෙස ලෝක වෙළඳ සංවිධානයට ඉදිරිපත් කර ඇත්තේ අන්‍යෝන්‍ය පිළිගැනීමේ ගිවිසුම් කඩිනම් අවසන් කිරීම, පිළිගත් සෞඛ්‍ය ආයතනවල ජාත්‍යන්තර ලේඛනාගාරයක් නිර්මාණය කිරීම සහ හදිසි වසංගත වැනි තත්ත්වයන්ට විසඳුම් සෙවීම සඳහා දැනට පවතින සම්මතයන් තාවකාලිකව ලිහිල් කිරීම අපේක්ෂා කරන බවයි.

සෞඛ්‍ය රක්‍ෂණ ආවරණයන්ගේ ඇති අපහසුතා සහ සීමා මගින් බොහෝ විට විදේශයන්හි දී අඩු වියදම් ප්‍රතිකාර ලබා ගැනීමට ජනතාවට ඇති අවස්ථාව වළක්වන බව පෙන්වා දෙන ඉන්දියාව වෙබ් හෝ යෙදුම් මත පදනම් වූ වෛද්‍ය හමුවීම් සහ උපදේශන සාමාන්‍ය වෛද්‍ය රක්‍ෂණ වැඩසටහන් මගින් ආවරණය නොවන බවත් දේශසීමා හරහා සිදු කෙරෙන  ටෙලිමෙඩිසින් සේවාවන් සඳහා එවැනි ප්‍රතිපූරණ යෝජනා ක්‍රම හඳුන්වා දිය යුතු බවත් වැඩිදුරටත්  අවධාරණය කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමතිතුමා ගහන බ්‍රෑන්ඩ් එක මොකද්ද..?
05:08
Video thumbnail
අහිමි වූ උසස්වීම් සියල්ල විධිමත් අයුරින් ලබාදෙනවා - පොලිස් ඇමති හෙළිකරයි
03:17
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු ප්‍රථම වතාවට කොටුවෙයි
01:14
Video thumbnail
අර්චුනා වීඩියෝවක් එළියට දාලා ජනාධිපතිව සැරටම අමතයි
08:39
Video thumbnail
ඉන්ධන බලාගාර මාෆියාවේ කොමිස්වලට රජය සූර්ය බලශක්තිය විනාශ කරනවා - සජිත්ගෙන් දැඩි චෝදානාවක්
12:09
Video thumbnail
කුඹුක්කන මිනිස්සුන්ට හිසරදයක් වූ අලි කරදරේ
00:53
Video thumbnail
සටන අවසන් නෑ - අරගලය එහෙමම ඉතුරුයි
06:38
Video thumbnail
අනෝජන්ට සමාව ඉල්ලා රත්නපුර මිනිස්සු පාරට බහී
04:11
Video thumbnail
ජනපති අනුර සහභාගී වන ගම්පහ මහා රැලිය
02:57:05
Video thumbnail
ගහක් අස්සේ ඉඳගෙන දඩස් ගාලා ටෝර්ච් ගැහුවේ - 120න් ආවා කියලා ඔයා මොකෙන්ද මනින්නේ
05:02