ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට බස් රථ 500ක්

ප්‍රමුඛ පෙළේ ට්‍රක් සහ බස් රථ නිෂ්පාදකයෙකු වන අශෝක් ලේලන්ඩ් සමගම විසින් ශ්‍රී ලංකාවට බස් රථ 500ක් සැපයීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයෙන් (ශ්‍රී ලංගම) ඇණවුමක් ලබාගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා පවසනවා.

ඒ අනුව ආසන 32 බස් රථ 500ක් සැපයීම සඳහා වන මෙම ඇණවුම ඉන්දියානු රජයේ ණය යෝජනා ක්‍රමය යටතේ ලබාදෙන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

මීට අදාළ බස් රථ 75ක් ජනවාරි 5 වන දින ලබා දී ඇති බව අශෝක් ලේලන්ඩ් සමාගම සඳහන් කර තිබෙනවා.

“අශෝක් ලේලන්ඩ් බස් රථ 5000 කට වැඩි ප්‍රමාණයක් දැනට ලංගම සමඟ ක්‍රියාත්මක වන අතර ආසන 32 කින් යුත් මෙම නව බස් රථ දිවයින පුරා ග්‍රාමීය මාර්ගවල ධාවනයට එක් කිරීමට බලාපොරොත්තු වෙනවා” යනුවෙන් යැයි අශෝක් ලේලන්ඩ් හි ජාත්‍යන්තර මෙහෙයුම් සභාපති අමන්දීප් සිං මහතා ප්‍රකාශ කළා.

අශෝක් ලේලන්ඩ් බස් රථ සහ ට්‍රක් රථ ද ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය කරනු ලබන අතර, ලංකා අශෝක් ලේලන්ඩ් සන්නාමය “ශ්‍රී ලාංකිකයන් අතර ඔවුන්ගේ දෛනික ප්‍රවාහන අවශ්‍යතා සඳහා ප්‍රසිද්ධ බවයි අශෝක් ලේලන්ඩ් හි ජාත්‍යන්තර මෙහෙයුම් සභාපති සඳහන් කර ඇත්තේ.

මේ අතර රුසියානු රජයේ මැදිහත් වීමෙන් මෙරට සිදුකිරීමට බලාපොරොත්තු වන නව ආයෝජන අවස්ථා පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් එස්. ජගර්යාන් සහ ප්‍රවාහන, අමාත්‍ය බන්දුල ගුණවර්ධන අතර පැවැත්වුණා.

මෙහි දී මෙරට මහාමාර්ග සහ ප්‍රවාහන ක්ෂේත්‍රයේ සංවර්ධනය උදෙසා පවතින ආයෝජන අවස්ථාවන් පිළිබඳව අමාත්‍යවරයා විසින් තානාපතිවරයා දැනුවත් කර තිබෙනවා.

මෙවැනි අර්බුදකාරී අවස්ථාවක ශ්‍රී ලංකාව වෙත දක්වන සහයෝගය පිළිබඳව අමාත්‍ය බන්දුල ගුණවර්ධන රුසියානු රජය වෙත කෘතඥතාව පළ කළ අතර ප්‍රවාහන හා මහාමාර්ග ක්ෂේත්‍රයට අදාළව දෙරටටම ප්‍රතිලාභ සැලසෙන පරිදි රාජ්‍ය හා පෞද්ගලික ඒකාබද්ධ ආයෝජන ව්‍යුහයක් සකස් කිරීම පිළිබඳ අවධානය යොමු කරන ලෙස ද ඉල්ලීමක් කළා.

විදේශ කටයුතු අමාත්‍යංශයේ සහයෝගය ද ලබා ගනිමින් ඒ සඳහා අවශ්‍ය මගපෙන්වීම සිදුකිරීමට විශේෂ අවධානය යොමු කරන බවයි අමාත්‍යවරයා මෙම අවස්ථාවේ දී ප්‍රකාශ කර සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශිරන්ති බලන්න සීලරතන හිමි වැලිකඩට - පට්ටපල් හොරු ටික හිරේ දැම්මට කමක් නෑ
04:51
Video thumbnail
වැසිකිළියකින් මතුවූ නීති විරෝධී මත්පැන් ස්කාගාරය - බඩුත් එක්කම සැකකරුවෙක් මාට්ටු
02:33
Video thumbnail
මහානායක හිමි ගැට ගහපු පිරිත් නූල ජනාධිපති විසික් කරලා ගිහින් ?
06:24
Video thumbnail
ජනාධිපතිතුමා පුළුවන්නම් ඔය පුටුවට මාව ගෙන්න ගනින් - ඔය Logic දාපන් මට
02:45
Video thumbnail
දන් බත් කාලා බුදු බණවලින් ග#න්න එන්න එපා - සිවුරට අත තියලා වෙච්ච දේ දැක්කනේ..
02:39
Video thumbnail
අපි හිරේ දැම්මත්, ජම්පරේ ඇන්දුවත් සටන අත් හරින්නේ නෑ - උන්වහන්සේ අපි වෙනුවෙන් හිරබත් කනවා
04:07
Video thumbnail
මහා සංඝ රත්නය ඥානසාර හිමි වෙනුවෙන් මහනුවර සිට අරඹපු පා ගමන - දහස් ගණනක් දළඳා මාළිගාවට එකතුවෙයි
01:31
Video thumbnail
හරියට කරනවනම් කරපල්ලා..නැත්තම් දාලා පලයල්ලා - අනුරලා රජ වෙන්න ඉස්සර අරිහත් ධජයේ හැංඟිලා හිටියේ
09:57
Video thumbnail
මෛත්‍රී ගුණරත්න ආණ්ඩුවට දෙහි ක#පයි - සදාචාරයට පටහැනි දේවල් මේ ජනපති කරන්නේ
04:07
Video thumbnail
අනේ දෙයියනේ..අද ජාතියේ මුරදේවතාවන්ට ග#න ගැ#හිල්ල - සිවුරට අත තියනවනම් සියපාරක් හිතන්න ඕනි
03:09