ඉන්දියාවෙන් ලැබීමට නියමිත ඇමරිකානු ඩොලර් කෝටි 100 ක ණය මුදල අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, අත්‍යවශ්‍ය ඖෂධ සහ දේශීය නිෂ්පාදන සඳහා යොදා ගනු ලබන අමුද්‍රව්‍ය වර්ග ආනයනය කිරීම සඳහා යොදා ගැනීමට රජය තීරණය කර ඇත.
ඉන්දිය රාජ්‍ය බැංකුවෙන් ලැබෙන මෙම ණය මුදලට අදාළ ගිවිසුමට, මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ ඉන්දීය සංචාරයේදී අත්සන් කිරීමට නියමිතව ඇත .
ඇමැති බැසිල් රාජපක්ෂ මහතා දෙදින සංචාරයක් සදහා මුදල් අමාත්‍යංශ ලේකම් එස්. ආර් .ආටිගල මහතා ද සමග ඉන්දියාව බලා ඊයේ (15) පිටත්ව ගියේය .
මෙම ණය පහසුකම යටතේ ආනයනය කළමනාකරණය කිරීම සඳහා මහා භාණ්ඩාගාරයේ ඉන්දියානු ණය පහසුකම් සම්බන්ධීකරණ ඒකකයක් ද පිහිටුවීමට යෝජනා වී ඇත.














HOW MANY VEHICLES BE IMPORTED. OVER 750 WAS REPORTED TO HAVE BEEN IMPORTED FROM LAST 5OOMILLION USD LOAN FROM INDIA. WELL DONE ALBERT.