ඉන්දියාවෙන් ලැබුණු ණය සහ ආධාර ගැන හෙළිදරව්වක්

මේ වසරේ ගතවූ කාලය තුළ ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් බිලියන 2.5ක ණය සහ ආධාර ලබාදී ඇති බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පෙන්වා දෙන්නේ ඉන්ධන මිලදීගැනීම, අත්‍යවශ්‍ය ආහාර සහ ඖෂධ මිලදීගැනීම ඇතුළු අවශ්‍යතා සඳහා මෙම ණය සහ ආධාර ලබා දී ඇති බවය.

ඉන්දීය ආධාර යටතේ ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් ඊයේ (02) දිනයේ ශ්‍රී ලංකාවට ලැබුණු අතර  ඒ අනුව පසුගිය දින 50 තුළ ඉන්දීයාව විසින් ශ්‍රී ලංකාවට ඉන්ධන මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකකට අධික ප්‍රමාණයක් ලබාදී තිබේ.

මේ අතර ආහාර සහ ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීම සදහා ශ්‍රී ලංකා රජය සමග ඇතිකර ගත් අමෙරිකානු ඩොලර් බිලියනයක ණය පහසුකම යටතේ පළමු සහල් තොගය මෙරටට ලබාදීමට පියවර ගන්නා බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පැවසීය.

ඒ අනුව කඩිනමින් අදාළ සහල් තොගය මෙරටට නැව්ගත කිරීමට නියමිත බව එම නිවේදනයේ සඳහන් විය.

ඉන්දියානු ආයෝජන හරහා මධ්‍යකාලීන හා දිගුකාලීන ආයෝජන මගින් ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා දරණ ප්‍රයත්නය  අඛන්ඩව ඉන්දීය රජය විසින් සිදුකරන බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04
Video thumbnail
ආණ්ඩුව නියමයි මෙහෙම තමයි කරන්න ඕන..නියමයි නියමයි
01:11
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු
01:09