ඉන්දියාවෙන් ලන්දේසීන්ට ප්‍රබල ප්‍රහාරයක්

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් තරගය බැංගලෝර් හිදී මේ වනවිට ක්‍රියාත්මකයි.

ඉන්දීය කණ්ඩායම සහ නෙදර්ලන්තය අතර පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම කඩුලු 04ක් දැවී ලකුණු 410ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළා.

එහිදී ඉන්දීය ඉනිමේ මුල් ක්‍රීඩකයින් පස්දෙනාමට විශිෂ්ඨ ඉනිම් ක්‍රීඩා කිරීමට අද අවස්ථාව උදාවුණා.

ආරම්භ පිතිකරුවන් යුගලය වන ශුම්බන් ගිල් ලකුණු 51ක් සහ නායක රෝහිත් ශර්මා ලකුණු 61ක් සිය කණ්ඩායම වෙනුවෙන් රැස් කළා.

විරාට් කෝලි ඉන්දීය ලකුණු පුවරුවට ලකුණු 51ක් එකතු කිරීමට සමත් වුණා.

අද තරගයේ දී සාර්ථකම සබඳතාව පැවැත් වූ ලෝකේශ් රාහුල් සහ ශ්‍රෙයාස් අයියර් එක්ව ඉන්දීය ඉනිම ලකුණු 400 සීමාවට රැගෙන ගියා.

එහිදී ශ්‍රෙයාස් අයියර් නොදැවී ලකුණු 128ක් රැස්කළ අතර ලෝකේශ් රාහුල් ලකුණු 102ක් රැස් කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේ දී පෝල් වැන් මීකෙරන්, රොලොෆ් වැන් ඩර් මර්වේ සහ බාස් ද ලීඩ් ඉන්දීය ඉනිමේ එක් කඩුල්ල බැඟින් දවා ගැනීමට සමත් වුණා.

මෙම තරගය ජයගැනීමට නෙදර්ලන්ත කණ්ඩායමට පන්දු 300ක් තුළ ලකුණු 411ක දැවැන්ත ඉලක්කය හිමිව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11