ඉන්දියාවෙන් ලංකාවට පන්නන්න ගිය මත්පෙති ලක්ෂ 07 ක් අල්ලයි (ඡායාරූප)

ඉන්දියාවේ, රාමනාදපුරම් දිස්ත්‍රීක්කයේ තිරුප්ලානි ප්‍රදේශයේ පුදුමඩම් මුහුදු තීරයේදී නීතිවිරෝධීව ලංකාවේ උතුරු මුහුදු ප්‍රදේශයට රැගෙන යාමට උත්සහ කල මත්පෙති ලක්ෂ 07ක් සමඟ පුද්ගලයෙකු ඊයේ (06) දින අත්අඩංගුවට ගෙන ඇති බව රාමනාදපුරම් පොලීසිය පවසනවා.

පුදුමඩම් මුහුදු තීරයේදී ගමන්ගත් සැකකටයුතු ධීවර යාත්‍රාවක් පරික්ෂා කිරීමේ දී එහි සූක්ෂමව සඟවා තිබූ අදාල මත්පෙති තොගය සොයාගැනීමට එරට වෙරළාරක්ෂක නිලධාරීන් විසින් පියවර ගෙන තිබුණා.

එහිදී ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන් විසින් සකකරුගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලදී හෙළිව ඇත්තේ අදාල මත්පෙති තොගය මුහුදු මාර්ගයෙන් උතුරු මුහුදට රැගෙන ගොස් ජාවාරම්කරුවන්ට විකිණීමට සැලසුම් කර තිබූ බවයි.

අත්අඩංගුවට ගත් සැකකරු සහ මත්පෙති තොගය වෙරළාරක්ෂක නිලධාරීන් විසින් වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා රාමනාදපුරම් පොලීසිය වෙතට භාරදීමට පියවර ගෙන තිබෙනවා.

A 2
A 3
A 1
A 4