ඉන්දියාවෙන් ලංකාවට පන්නන්න ගිය මත්පෙති ලක්ෂ 07 ක් අල්ලයි (ඡායාරූප)

ඉන්දියාවේ, රාමනාදපුරම් දිස්ත්‍රීක්කයේ තිරුප්ලානි ප්‍රදේශයේ පුදුමඩම් මුහුදු තීරයේදී නීතිවිරෝධීව ලංකාවේ උතුරු මුහුදු ප්‍රදේශයට රැගෙන යාමට උත්සහ කල මත්පෙති ලක්ෂ 07ක් සමඟ පුද්ගලයෙකු ඊයේ (06) දින අත්අඩංගුවට ගෙන ඇති බව රාමනාදපුරම් පොලීසිය පවසනවා.

පුදුමඩම් මුහුදු තීරයේදී ගමන්ගත් සැකකටයුතු ධීවර යාත්‍රාවක් පරික්ෂා කිරීමේ දී එහි සූක්ෂමව සඟවා තිබූ අදාල මත්පෙති තොගය සොයාගැනීමට එරට වෙරළාරක්ෂක නිලධාරීන් විසින් පියවර ගෙන තිබුණා.

එහිදී ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන් විසින් සකකරුගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලදී හෙළිව ඇත්තේ අදාල මත්පෙති තොගය මුහුදු මාර්ගයෙන් උතුරු මුහුදට රැගෙන ගොස් ජාවාරම්කරුවන්ට විකිණීමට සැලසුම් කර තිබූ බවයි.

අත්අඩංගුවට ගත් සැකකරු සහ මත්පෙති තොගය වෙරළාරක්ෂක නිලධාරීන් විසින් වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා රාමනාදපුරම් පොලීසිය වෙතට භාරදීමට පියවර ගෙන තිබෙනවා.

A 2
A 3
A 1
A 4


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර, නාමල්ව නවත්වන්න බෑ
01:08
Video thumbnail
මහින්දට බැහැලා යන්නත් ඉඩ නෑ, විශාල සෙනඟක් වටකරගනී
01:47
Video thumbnail
තරුණයෙක් සුදු ඉරමත අනතුරට ලක් කළ ත්‍රීවිල් එක
00:15
Video thumbnail
ජනපති අනුර පොළොන්නරුවේ රැළියෙන් පිටව ගිය හැටි
01:19
Video thumbnail
මේක එලවන්න ඕනිලු..එලවන්න අනේ පව් - මෛත්‍රිය, අනුකම්පාව නෑ නිසි දඬුවම් දෙනවා
06:24
Video thumbnail
නාමල් නැති රැළියට යෝෂිත ආපු හැටි
00:59
Video thumbnail
මහින්දගේ ඇස් දෙකට පේන්න නාමල්ව ජනාධිපති කරන්න
02:52
Video thumbnail
මීට කලින් ආණ්ඩු කුඩුකාරයෝ බලා ගන්න ආණ්ඩු - ලොකු මිනිහෙක්ගේ ගෙයක් නාය යන තැන්වල හදන්නේ නෑනේ
04:28
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06