spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඉන්දියාවෙන් තවත් බස් රථ 40ක් (ඡායාරූප)

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලංකා ගමනාගමන මණ්ඩලය වෙත ලබාදෙන නව බස් රථ බෙදාදීමේ තවත් අදියරක් හෝමාගම පනාගොඩ දී ඊයේ (21) සිදු කෙරුණා.

75 වන නිදහස් සැමරුමට සමගාමීව මෙරට ග්‍රාමීය ප්‍රදේශවල පොදු ප්‍රවාහනය වඩාත් ශක්තිමත් කිරීම වෙනුවෙන් මෙම වසර තුළ නව බස්රථ 500ක්‌ ධාවනයට එක් කිරීමේ සංකල්පයට අනුව දිවයිනේ සියලුම ඩිපෝ වෙත මෙම නව බස් රථ බෙදා දීමට නියමිතයි.

ඒ අනුව වැඩසටහනේ තුන්වන අදියර ලෙස නව බස්රථ 40ක්‌ ලංගම ඩිපෝ වෙත භාර දීම ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට ලැබුණු බස් රථ 165ක්‌ අදියර 3ක්‌ යටතේ මේ වන විට මෙරට පොදු ප්‍රවාහනයට එක්කර ඇති අතර, එළඹෙන සිංහල හින්දු අලුත් අවුරුද්දට පෙර නව බස් රථ 500ම ධාවනයට එක්කරන බවයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළේ.

ලංකාවේ උතුරු නැගෙනහිර ඇතුළු සියලු පළාත් ආවරණ වන පරිදි දුෂ්කර මාර්ග වල මගී ප්‍රවාහන කටයුතු ශක්තිමත් කිරීම උදෙසා ලබාදෙන මෙම බස් රථ අදාල ණය වාරික ගෙවීමට හැකිවන ආකාරයේ ආදායම් ඉපැයිය හැකි මාර්ගවල ධාවනයට යෙදවීමට අදාළ ප්‍රදේශවල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් හරහා ඩිපෝ වෙත උපදෙස් ලබා දෙන බව ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?