ඉන්දියාවෙන් ගෙන් වූ නරක් වූ බිත්තර බහාලුම් 02ක් රේගුවේ – ජාතික පාරිභෝගික පෙරමුණ

ඉන්දියාවෙන් මෙරටට ආනයන කරන ලද නරක් වූ බිත්තර බහාලුම් දෙකක් රේගුවේ ගබඩාකර ඇති බව ජාතික පාරිභෝගික පෙරමුණ පවසනවා.

එම පෙරමුණේ නායක අසේල සම්පත් මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේ එම බිත්තර තොගයට අදාළ නිසි රක්ෂණ වන්දි ලබාගැනීමට නොහැකි වීමෙන් විශාල පාඩුවක් මෙරටට සිදුව ඇති බවයි.

මේ අතර ඉන්දියාවෙන් ආනයනය කරන ලද බිත්තර සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසනවා.

මෙරට තුළ පැවති බිත්තර මිල පාලනය කිරීම සහ හිඟයට පිලියමක් ලෙස පසුගිය මාර්තු මාසයේ සිට මේ දක්වා බිත්තර මිලියන 100ක් මෙරටට ආනයනය කර බෙදාහැර ඇති බවයි එම සංස්ථාව සඳහන් කරන්නේ.

කෙසේ වෙතත් මේ දක්වා එම බිත්තර සම්බන්ධයෙන් කිසිඳු පාරිභෝගික පැමිණිල්ලක් ඉදිරිපත් වී නොමැති බව ද රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා සඳහන් කළේ.

රජය විසින් මෙලෙස ආනයන කරන ලද බිත්තර සතොස හා සුපිරි වෙළඳසැල් මඟින් රුපියල් 35ක මුදලකට මිල දී ගැනීමේ හැකියාව පවතිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57
Video thumbnail
කෝටි තුනකට වැඩි රත්‍රං පාර්සල් කරලා ශරීරයේ හංගගෙන ලංකාවට ඇවිත්
00:45
Video thumbnail
මෙහෙයුම කළ නිලධාරින්ට ඕලුගලගෙන් ප්‍රශංසා - ඝා#නයකට යමින් සිටි දෙදෙනෙක් කොස්ගොඩදී අත්අඩංගුවට
01:17
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:12
Video thumbnail
දඩාස් ගාලා සද්දයක් ඇහුණා - කෑලි විසිවුණා
01:51
Video thumbnail
රුපියල් කෝටි 2ක් වටිනා මත්කුඩු ගනේමුල්ල පොලිසියෙන් අල්ලයි
00:30
Video thumbnail
රුපියල් කෝටි 2ක් වටිනා මත්කුඩු ගනේමුල්ල පොලිසියෙන් අල්ලයි
00:34
Video thumbnail
ලංකාවේ පාසල් පද්ධතිය බරපතළ අභියෝගයකට ලක්වෙලා තියෙන්නේ
06:33