spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඉන්දියාවෙන් ගෙන් වූ නරක් වූ බිත්තර බහාලුම් 02ක් රේගුවේ – ජාතික පාරිභෝගික පෙරමුණ

ඉන්දියාවෙන් මෙරටට ආනයන කරන ලද නරක් වූ බිත්තර බහාලුම් දෙකක් රේගුවේ ගබඩාකර ඇති බව ජාතික පාරිභෝගික පෙරමුණ පවසනවා.

එම පෙරමුණේ නායක අසේල සම්පත් මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේ එම බිත්තර තොගයට අදාළ නිසි රක්ෂණ වන්දි ලබාගැනීමට නොහැකි වීමෙන් විශාල පාඩුවක් මෙරටට සිදුව ඇති බවයි.

මේ අතර ඉන්දියාවෙන් ආනයනය කරන ලද බිත්තර සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසනවා.

මෙරට තුළ පැවති බිත්තර මිල පාලනය කිරීම සහ හිඟයට පිලියමක් ලෙස පසුගිය මාර්තු මාසයේ සිට මේ දක්වා බිත්තර මිලියන 100ක් මෙරටට ආනයනය කර බෙදාහැර ඇති බවයි එම සංස්ථාව සඳහන් කරන්නේ.

කෙසේ වෙතත් මේ දක්වා එම බිත්තර සම්බන්ධයෙන් කිසිඳු පාරිභෝගික පැමිණිල්ලක් ඉදිරිපත් වී නොමැති බව ද රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා සඳහන් කළේ.

රජය විසින් මෙලෙස ආනයන කරන ලද බිත්තර සතොස හා සුපිරි වෙළඳසැල් මඟින් රුපියල් 35ක මුදලකට මිල දී ගැනීමේ හැකියාව පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?