spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඉන්දියාවෙන් ගෙනත් කැලේ හංගගෙන කරන ජාවාරම මාට්ටු

තහනම් මත්පෙති 1200 ක් අලෙවි කරමින් සිටි කාන්තාවක් ඇතුලු‍ දෙදෙනෙකු මන්නාරම ශිලාවතුර, නානාට්ටාන් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, වයඹ නාවික විධානයට අයත් නිලධාරින් පිරිසක් සහ මන්නාරම පොලිස් කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය එක්ව සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදීයි.

එහිදී සැකකටයුතු කාන්තාවක් පරික්ෂා කිරීමේදී එම කාන්තාව සඟවාගෙන සිටි මත්පෙති තොගයක් සොයාගනු ලැබුවා.

ඒ අනුව අදාල කන්තාවට මත්පෙති සැපයූ තවත් සැකකරුවෙකුද අත්අඩංගුවට ගැනීමට පොලිසිය පියවර ගත්තා.

අදාල මත්පෙති, ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් රැගනවිත් කැලෑවක සඟවා පසුව දිවයිනේ වෙනත් ප්‍රදේශවලට රැගෙන ගොස් අධික මිල ගණන්වලට විකිණීමට සැලසුම් කර තිබුණා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 23 සහ 48 යන වයස්හි පසුවන නානාට්ටාන් ප්‍රදේශයේ පදිංචිකරුවන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
3
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?