ඉන්දියාවම සසල කරමින් සුශාන්ත් සිංගේ පවුලේ සාමාජිකයන් 5 දෙනෙකු අවසන් ගමන් යයි

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තරයේ ලබිසරයි දිස්ත්‍රික්කයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙසේ ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයින් 5 දෙනෙකුම සියදිවි හානිකරගත් බව කියූ සුශාන්ත් සිංගේ ඥාතීන් බවටයි හඳුනා ගෙන ඇත්තේ.

මෙම පිරිස පවුලේ ඥාතියෙකුගේ අවමංගල්‍ය උත්සවයකට ගොස් ආපසු නිවෙස් බලා එන අතරතුරදී මෙම අනතුර සිදුවී තිබෙනවා.

ඔවුන් ගමන් ගත් වාහනය ඉදිරියේ ගමන් ගත් කන්ටේනර් රථයක ගැටීමෙනුයි අනතුර සිදුව තිබෙන්නේ.

මිය ගිය පිරිස අතර, සුශාන්ත්ගේ ඥාති සොහොයුරු ලාල්ජිත් සිං, ඔහුගේ පුතුන් වන නේමනි සිං, චන්ද්‍රා සිං, දියණිය බේබි දේවි හා ලේලිය වන අනීතා දේවි ද රියදුරු ප්‍රීතම් කුමාර් ද වුණා.

තවත් හතර දෙනෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14