ඉන්දියාවට පාපන්දු තහනමක්

වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන්දීය පාපන්දු සම්මේලනයේ කටයුතු අන්තර් ජාතික පාපන්දු සම්මේලනය (FIFA) විසින් අත්හිටුවා තිබෙනවා.

තුන්වන පාර්ශ්වයන්ගේ අනිසි බලපෑම් හේතුවෙන් අන්තර් ජාතික පාපන්දු සම්මේලනය මෙම තීරණය ගෙන ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ.

මේ හේතුවෙන් ලබන ඔක්තෝබර් 11 වනදා සිට 30 වනදා දක්වා ඉන්දියාවේ පැවැත්වීමට නියමිත අවුරුදු 17 පහළ කාන්තා ලෝක කුසලානය සැලසුම් කළ පරිදි දැනට ඉන්දියාවේ පැවැත්විය නොහැකි බවටද දන්වා තිබෙනවා.

ඉන්දීය මහාධිකරණය පසුගිය මැයි මාසයේ දී සමස්ත ඉන්දීය පාපන්දු සම්මේලනය (AIFF) විසුරුවා හැර එය පාලනය කිරීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් ද පත් කරනු ලැබුවා.

ලෝක පාපන්දු සම්මේලනය සහ AFC හෙවත් ආසියානු පාපන්දු පාර්ශවකරුවන් හමු වී ඉන්දීය පාපන්දු සම්මේලනය සඳහා ඉදිරි සැලැස්මක් සකස් කර ඇති අතර, ඒ අනුව සැප්තැම්බර් 15 වන විට මැතිවරණයකින් නිලධාරී මණ්ඩලය තෝරා පත්කර ගතයුතු වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14