spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඉන්දියාවට පාපන්දු තහනමක්

වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන්දීය පාපන්දු සම්මේලනයේ කටයුතු අන්තර් ජාතික පාපන්දු සම්මේලනය (FIFA) විසින් අත්හිටුවා තිබෙනවා.

තුන්වන පාර්ශ්වයන්ගේ අනිසි බලපෑම් හේතුවෙන් අන්තර් ජාතික පාපන්දු සම්මේලනය මෙම තීරණය ගෙන ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ.

මේ හේතුවෙන් ලබන ඔක්තෝබර් 11 වනදා සිට 30 වනදා දක්වා ඉන්දියාවේ පැවැත්වීමට නියමිත අවුරුදු 17 පහළ කාන්තා ලෝක කුසලානය සැලසුම් කළ පරිදි දැනට ඉන්දියාවේ පැවැත්විය නොහැකි බවටද දන්වා තිබෙනවා.

ඉන්දීය මහාධිකරණය පසුගිය මැයි මාසයේ දී සමස්ත ඉන්දීය පාපන්දු සම්මේලනය (AIFF) විසුරුවා හැර එය පාලනය කිරීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් ද පත් කරනු ලැබුවා.

ලෝක පාපන්දු සම්මේලනය සහ AFC හෙවත් ආසියානු පාපන්දු පාර්ශවකරුවන් හමු වී ඉන්දීය පාපන්දු සම්මේලනය සඳහා ඉදිරි සැලැස්මක් සකස් කර ඇති අතර, ඒ අනුව සැප්තැම්බර් 15 වන විට මැතිවරණයකින් නිලධාරී මණ්ඩලය තෝරා පත්කර ගතයුතු වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?