ඉන්දියානු සාගරයේ ප්‍රංශ ඒකාබද්ධ හමුදා අණදෙන නිලධාරි ආරක්‍ෂක ලේකම්වරයා හමුවෙයි

ඉන්දියානු සාගරයේ ස්ථාපිත ප්‍රංශ ඒකාබද්ධ හමුදා ඛණ්ඩ අණදෙන නිලධාරි රියර් අද්මිරාල් Hugues Laine පෙරේදා (19) දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා හමුවුණා.

ශ්‍රී ලංකාවේ ප්‍රංශ දූත මණ්ඩල නියෝජ්‍ය ප්‍රධානී Marie – Noelle Duris මහත්මිය, ඉන්දියාවේ නවදිල්ලි හි පිහිටි ප්‍රංශ තානාපති කාර්යාලයේ ශ්‍රී ලංකාව හා සම්බන්ධ කටයුතු අධීක්‍ෂක සහ නාවික හමුදා උපදේශක කමාන්ඩර් Dang Khoa Bui මෙන්ම, කොළඹ වරාය වෙත ළඟා වූ ප්‍රංශ නාවික හමුදාවට අයත් ‘Provence’ යුද නෞකාවේ අණදෙන නිලධාරි කපිතාන් Lionel Siegfried ඇතුළු පිරිසක් මෙම ප්‍රංශ දූත පිරිසට ඇතුළත් වූ බවයි ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළේ.

ආරක්‍ෂක ලේකම්වරයා විසින් ආරක්‍ෂක අමාත්‍යාංශය වෙත පැමිණි ප්‍රංශ නියෝජිත පිරිස ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබුවා.

මෙම හමුව අතරතුර පැවති සාකච්ඡාවල දී, ඉන්දියානු සාගර කලාපයේ ද්විපාර්ශ්වික ආරක්‍ෂක සහයෝගීතාව, කලාපීය සමුද්‍රීය ආරක්‍ෂාව සහ අන්‍යෝන්‍ය වශයෙන් පවතින අවශ්‍යතාවන් පෝෂණය කිරීම ආදි කරුණු කිහිපයක් සම්බන්ධයෙන් දෙපාර්ශ්වයේම විශේෂ අවධානය යොමු වුණා.

එමෙන්ම, ආරක්‍ෂක ලේකම්වරයා සහ රියර් අද්මිරාල් Laine විසින් පොදු ආරක්‍ෂක අභියෝගයන්ට සාර්ථකව මුහුණදීම සඳහා දෙරට අතර සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳ ව අදහස් හුවමාරු කරගත්තා

ශ්‍රී ලංකාව සහ ප්‍රංශය අතර දිගුකාලීන ආරක්‍ෂක හවුල්කාරිත්වය උසස් කොට දක්වමින් අගය කළ ආරක්‍ෂක ලේකම්වරයා, කලාපීය ස්ථාවරත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා දෙරට අතර අඛණ්ඩ අදහස් හුවමාරු කරගැනීමේ සහ ඒකාබද්ධ මුලපිරීම් සිදුකිරීමේ වැදගත්කම ඉස්මතු කළා.

භූගෝලීය වශයෙන් ශ්‍රී ලංකාවේ පිහිටීමෙහි උපායමාර්ගික වැදගත්කම පිලිබඳ කරුණු ඉදිරිපත් කළ රියර් අද්මිරාල් Laine, සමුද්‍රීය ක්ෂේත්‍ර සම්බන්ධයෙන් දැනුවත් කිරීම, මානුෂීය ආධාර සහ සමුද්‍රීය ආපදා ප්‍රතිචාර වැනි ක්ෂේත්‍ර ඔස්සේ දෙරට අතර ගැඹුරු සහයෝගීතාවයක් ඇතිකර ගැනීමට ඇති හැකියාව අවධාරණය කෙරුණා.

සාකච්ඡාවෙන් අනතුරුව, ප්‍රංශ නියෝජිතයින් විසින් ඔවුන් වෙත පිරිනමන ලද උණුසුම් පිළිගැනීම් හා ආගන්තුක සත්කාරය වෙනුවෙන් ආරක්‍ෂක අමාත්‍යාංශය වෙත සිය කෘතඥතාව පළ කෙරුණු අතර මෙම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා සිහිවටන හුවමාරුවක් ද සිදු කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39