spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඉන්දියානු රුපියලෙන් ලංකාව තුළ ගණුදෙනු කළ හැකිද ?

ඉන්දියානු රුපියල මෙරට අනුමත කරන ලද විදේශ ව්‍යවහාර මුදල් ඒකකයක් පමණක් බවට පත්කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඒ, අනුව මෙරට අනුමත කරන ලද 16 වන විදේශ ව්‍යවහාර මුදල් ඒකකය බවට ඉන්දීය රුපියල පත්වනවා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා රුපියල් වෙනුවට ඉන්දීය රුපියල් මෙරට තුළ දී ගනුදෙනු කළ හැකි මුදල් ඒකකයක් බවට එමඟින් පත් නොවන බවයි රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියේ.

ඉන්දීය රුපියල් මඟින් රට තුළ සෘජු ගණුදෙනු කිරීමට හැකියාවක් නොමැති බව අද (05) දිනයේ මාධ්‍යයට අදහස දක්වමින් පහදා සිටියා.

ඉන්දියානු රුපියල අනුමත කරන ලද විදේශ ව්‍යවහාර මුදල් ඒකකයක් බවට මෙරට තුළ පත් කිරීමත් සමඟ නීත්‍යනුකූල මුදල් හුවමාරු ස්ථානයකින් ඉන්දීය රුපියල්, ශ්‍රී ලංකා රුපියල් බවට සෘජුවම හුවමාරුකර ගත හැකි බව ද ඔහු පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?