ඉන්දියානු ජාත්‍යන්තර කායවර්ධන ශූරයා කොරෝනා වලින් මියයයි

මිස්ටර් ඉන්දියා කායවර්ධන කිරුළ දිනාගත් ජග්දීශ් ලාඩ් කොරෝනා රෝගය උත්සන්න වීම හේතුවෙන් මිය ගිය බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනු ලැබුවා.

සාමාන්‍යයෙන් කොරෝනා රෝගය ශරීර ශක්තිය සහිත පුද්ගලයින්ට වැළදීමේ අවධානම අඩු බවට සමාජයේ මතයක් තිබුනත් එය හුදෙක් හිතලුවක් පමණක් බවට මෙම මරණයෙන් ඔප්පු වී තිබෙනවා.

34 හැවිරිදි ජග්දීශ් කාය වර්ධන ක්‍රීඩාව වෙනුවෙන් ජාත්‍යන්තර සම්මාන කිහිපයක් දිනාගෙන තිබෙනවා. කොරෝනා වැළදීම හේතුවෙන් රෝහල් ගත කරනු ලැබූ ඔහු දින හතරක් පුරාවට සිටියේ ඔක්සිජන් ආධාරයෙනි. ජග්දීශ් මහාරාශ්ට ප්‍රදේශය නියෝජනය කරමින් කායවර්ධන තරග වෙනුවෙන් සහභාගී වුනා.

වාර්තාවන අන්දමට මීට වසර හතරකට පෙර ඔහු කායවර්ධන ක්‍රීඩාවෙන් සමු ගෙන ඇති අතර පසුගිය වසර තුල දී කොවිඩ් වසංගතය වෙනුවෙන් රටෙහි යම් යම් ස්ථාන වසා දැමීම නිසා ඔහුට ද රැකියාව අහිමි වී තිබෙනවා.

මිය යන විට කායවර්ධන උපදේශකයෙකු ලෙස සේවය කරමින් සිටි අතර කොරෝනා තත්වය ඉන්දියාවේ කාය වර්ධන ක්ශ්‍රේත්‍රයට පවා දැඩි බලපෑමක් එල්ල කරනු ලැබූ බව මාධ්‍ය වාර්තා කරනවා. මෙම මරණය ද ඉන්දියානුවන් සලිත කළ තවත් මරණයක් බව මාධ්‍ය වාර්තා කරා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14