ඉන්දිකගේ නොකී කථාව

ඕස්ට්‍රෙලියාවේ පර්ත්හිදී තම දරු දෙන්නා ඝාතනය කර තමන්ද දිවිනසාගත් ඉන්දික ගුණතිලක සම්බන්ධයෙන් පළ වන අළුත්ම ආරංචි මගින් කියැවුනේ මෙය පවුල් ආරවුලක අවසන් ප්‍රතිඵලය වූ බවයි.
ඉන්දික ඕස්ට්‍රෙලියාවේ අධ්‍යාපනය පිණිස ගොස් Curtin University ඉගෙනුම ලබන කාලයේදී සුදු ජාතික පෙම්වතිය දැන හඳුනාගන්නට ලැබී ඇත.
ඉන්දික කුඩා කාලයේ රාජකීය විද්‍යාලයේ ඉගෙන ගනිද්දී බාස්කට් බෝල් ක්‍රීඩාවේ දක්ෂයෙකුවූ වූයේය. සභාවට ඉදිරිපත්වී විවිධ කතා පැවැත්වීම ගීත ගායනයටද සමතෙකු විය. ඔහුගේ සමාජශීලී ස්වරූපය නිසා සුදු ජාතික තරුණිය ඔහු හා වසඟ වූ බව මිතුරන් සමග පවසා තිබේ.
2016 ජුනි මස ඔවුන් විවාහ දිවියට ඇතුළත්වේ.බිරිය හා බිරියගේ මව දෙන්නාම නීති ක්ෂේත්‍රයට සම්බන්ධ අය බව වාර්තාවේ.
​
විවාහ වනවිට ඉන්දිකගේ වයස 34 කි. විවාහය නිසා ඉන්දිකට ඒරටේ ස්ථිර පදිංචිය හිමිවන අතර ඔහු සිය නගර සැලසුම් රැකියාවෙන් ඉවත්ව තමන්ගේම අලුත් ව්‍යාපාරයකටද පිවිසේ.
ඉන්දික ගුණතිලකගේ පවුලට දරුවන් එක්වූ පසු ඉතා සුන්දර විය. හුරුබුහුටි දරු දෙන්නා සමග නිරන්තරයෙන් විනෝදවීමට ඉන්දික ආසා කළේය. ඔහුගේ බිරියද ඔහු සමග සමගියෙන් සිටියාය. නමුත් ප්‍රශ්න පැනනගින්නේ පසුගිය 2020-21 වසර හා ආසන්න කාලයේදී බව පැවසේ. ඉන්දික සමග විවාහ වනවාට මුල සිට අකමැත්තෙන් පසුවූ බිරියගේ මව නැතිනම් සුදුජාතික නැන්දණිය ඔවුන්ගේ පවුලේ ඇතැම් ප්‍රශ්න වලට අතදැමූ බව පැවසේ.මේ නිසා ඉන්දික නැන්දණිය සමග රණ්ඩු සරුවල් කරගෙන තිබේ. නීතියට සම්බන්දිත කාන්තාවක වීම නිසා තර්ක කර බේරීමටද අපහසුවූ ගැටලු තිබුණ බව ඔහු මිතුරන්ට පවසා ඇත.
යම් යම් ගැටලු මතුවන අවස්ථාවල මවගේ පැත්තට කථා කළේ ඉන්දිකගේ බිරියයි. මේ හේතුවෙන් ඉන්දික තනිවූ අවස්ථා තිබී ඇති අතර සුදුජාතික බිරිය හා බිරියගේ මව එක් පැත්තක් ගෙන රණ්ඩු කරගෙන තිබේ. සුදු නොවන ජාතිකයෙකුට තම දියණිය විවාහ කරදීමට සිදුවීම කණගාටුවන බව රණ්ඩුවට ආ මව නිරන්තරයෙන් පැවසූ බව ඉන්දික පවසා තිබුණි. ඉන්දික වෙනුවට වෙනත් අයෙකු තම දියණියට සොයාදීමටද මව උනන්දුවී තිබුණි.
ප්‍රශ්න එකකට එකක් එකතුවී ඉන්දිකට පහරදෙද්දී ඔහු දැඩි පීඩාවට ලක්විය. පසුගිය වසරේ අවසන් මාස ගණනාවේම ඔහු මෙම ගැටලුව ගැන කලකිරීමෙන් පසුවිය. ඒ අතර කාලයේ බිරියගේ මව බිරිය හා එක්ව ඉන්දිකගෙන් ඉවත්වීමට අදාළ නෛතික කටයුතු සූදානම් කර තිබූ අතර ඔවුන්ගේ හේතු දැක්වීම ‘මානසික රෝගයක් ඇති සැමියා සමග ජීවත්වීමේ අපහසුව‘ ලෙස සඳහන් කර තිබුණි. ඔවුන් මානසික රෝගය ලෙස නම් කර තිබුනේ ‘නාර්සිසිස්ට්‘ මානසික තත්වයයි.
එනම් පුද්ගලයෙකු තමා අවට සිටින අයගේ අවශ්‍යතා නොසලකා හරින තරමට තමන් ගැන පමණක් වැඩ කරන්නෙකු බවයි. බොහෝ විට මෙවැනි රෝගීන් ඉතා ආකර්ෂණීය වන බවත් සෘණාත්මක හැසිරීම් නොපෙන්වන නමුත් තමන් ගැන පමණක් වැඩ කරන්නෙකු බවත් විස්තර කර තිබුණි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ඉන්දිකගේ මිතුරන් පවසා ඇත්තේ වෙනත් කතාවකි. ඉන්දික දරුවන්ට හා බිරියට බෙහෙවින් ආදරය කළ නමුත් බිරිය එම දරුවන් ගැන පසුකාලීනව උවමනාවෙන් කටයුතු නොකළ බවයි.‘ඇයට වෙනත් අය වැදගත් වුණා. ඒ නිසා මං විතරයි දරුවන් ගැන බැලුවේ. අන්තිමට නැන්දම්මයි එයයි දෙන්නම දරුවන්ට නොයෙකුත් පීඩා ඇති කළා. නීතිය ඉදිරියට ගිහාම දරුවන් රැක බලාගැනීමට මං තීරණය කළා.‘ යනුවෙන් ඔහු පවසා තිබේ.

ඉන්දිකගේ බිරිය හා මව නීති කිෂේත්‍රයට සම්බන්ධ අයවීම නිසාම ඉන්දිකගේ බිරියගේ වෙන්වීමේ කටයුතු ඉක්මනින් ඉටුකරගන්නට ඔවුන්ට පහසු විය. අවශ්‍ය ලිපි ලේඛන සකසාගෙන දරුවන් ඉන්දිකට යොමු කර ඇය වෙන්විය. නමුත් අධිකරණය ඇයට දරුවන් බලන්නට අවසර ලබාදී තිබුණි.
ඉන්දික මේ කරදර මැද දරුවන් ගැන බලමින් සිටියත් ඔහුගේ විශාද රෝග තත්වය උත්සන්න වෙමින් පැවතිණි. අන්තර්ජාලයේ ෆේස් බුක්හි සක්‍රීය චරිතයක්වූ සමාජ ශීලී ඉන්දික එක්වරම ෆේස් බුක්ද අතහැර දමා සිටියේය. ඔහු පසුගිය දෙසැම්බරයේ යළි ෆේස් බුක් වෙත පිවිසෙන අතර පසුගිය කාලයේ ඈත්ව සිටීම ගැන සමාව ඉල්ලා සිටින අතර අනතුරුව තම මානසික ව්‍යාකූලත්වයන් ගැන කතාකරන්නේය.
ඔහු කඩා වැටිණි. ඔහුගේ රෝග තත්වය උත්සන්න විය. ළමා ජීවිත දෙකක් අහිමි කර ඔහුද දිවියෙන් සමුගන්නේ මෙම පීඩාවේ උපරිම තලයේදීය.
මේ කියන පවුල් ප්‍රශ්න කවර ආකාරයෙන් විසඳාගන්නට ඉඩ තිබුනාද එසේ නොවීද යන්න දන්නේ ඔවුන්ම පමණි. නමුත් සොඳුරු අනාගතයක් හිමි ආදරණීය ජීවිත දෙකක්ද මෙම ගැටලුවට මැදිව නිරපරාදේ මැකී ගොස් තිබුණි.
පර්ත් නුවරම මේ ගැන අද කම්පාවෙයි.
පර්ත් නගරාධිපති මාර්ක් මැක්ගවුන්ද මෙම කම්පිත සිද්ධිය ගැන විශේෂ නිවේදනයක් නිකුත්කරමින් කම්පාව හා ශෝකය පළ කර තිබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26