ඉන්ටපෝල් එකේ දේශනයක් පවත්වන්න පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රංශයට යයි

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී ෆ්‍රෙඩ්රික් වුට්ලර් හට INTERPOL විසින් සංවිධානය කරන 1 වන ගෝලීය මහජන සන්නිවේදන සම්මේලනයට සහභාගිවීමට නිල වශයෙන් ආරාධනා කළ බව ශ්‍රී ලංකා පොලිසිය වෙත දැනුම් දී තිබෙනවා.

මෙම සම්මේලනය 2026 අප්‍රේල් 28 සිට 30 දක්වා ප්‍රංශයේ ලියෝන් නගරයේ පැවැත්වීමට නියමිත අතර,INTERPOL මහජන සන්නිවේදන අධ්‍යක්ෂ මණ්ඩලය (COM) විසින් ලබාදුන් මෙම ආරාධනය ශ්‍රී ලංකා පොලිසිය විසින් ක්‍රියාත්මක කර ඇති අර්බුද කළමනාකරණ ක්‍රම වේදයන්හි සක්‍රීය භාවය පිළිබඳ පිළිගැනීමක් ලෙස සැලකෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී ෆ්‍රෙඩ්රික් වුට්ලර් විසින් ශ්‍රී ලංකා පොලිසියේ අර්බුද සන්නිවේදන ක්‍රමවේදය ක්‍රියාත්මක කළ ආකාරය සහ එහි කාර්යක්ෂමතාව පිළිබඳ බහු මාධ්‍ය ප්‍රක්ෂේපණ මඟින් ඉදිරිපත් කිරීමක් සිදු කිරීමට නියමිත අතර, එහිදී 2025 නොවැම්බර් මාසයේ සිදු වූ ” දිව්වා ආපදා ‘” සමයේ ශ්‍රී ලංකා පොලිසියේ ක්‍රියාකාරී දායකත්වය විශේෂයෙන් අවධානයට ලක් කිරීමට නියමිතයි.

මෙම ආරාධනය, පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී ෆ්‍රෙඩ්රික් වුට්ලර් විසින් ජාත්‍යන්තර නීති ක්‍රියාත්මක කිරීමේ සහයෝගිතාව සඳහා කරන ලද අඛණ්ඩ දායකත්වය පිළිබඳ ඇගයීමක් වන අතර, INTERPOL VANGUARD B ව්‍යාපෘතියට ඔහුගේ සාර්ථක සහභාගීත්වයෙන් පසු ලැබූ ගෞරවයක් ලෙසද සැලකෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී ෆ්‍රෙඩ්රික් වුට්ලර් සම්මේලනයට සහභාගි වන කාලය තුල පොලිස් අධිකාරී (SP) මිනුර සෙනරත් රාජකාරි ආවරණය කරනු ලබනවා.

  1. ඉන්ටර්පෝල් එකේ දේශන පවත්වන්න යන ලොන්තපෝල්ට හැකර්ලා හොයා ගන්න බෑ. ඒ උනාට ලොරි ටෝක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
00:00
Video thumbnail
මේ ආණ්ඩුවේ කිසි කෙනෙක් හොරකම් කරන්නේ නෑ - අපි දන්නවා ඔයාලට අපිව පන්නන්න බෑ කියලා
12:16
Video thumbnail
මාලිමාවේ හොඳ ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නවා - රට කියන බස් එක සීරීමක්වත් නැතුව අවු:2ක් ගෙනියලා තියනවා
04:31
Video thumbnail
සොබාදහමේ ආශිර්වාදය මැද ජනපති අනුර කහටගස්දිගිලිය ජන රැළියට පැමිණි අයුරු
02:26
Video thumbnail
22ට එරෙහිව සජබය 24 කොළඹට - රටේම බලය පැලවත්තට ගෙනියන්න හදන්නේ
04:46
Video thumbnail
ජනපතිගේ නොච්චියාගම ජන රැළියට සූදානම් වන අයුරු - කොහොමද වටේටම දැඩි ආරක්ෂාවක් දීලා
00:54
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01